(යොහාන් භාසුර)

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකය පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් වැඩි සංඛ්‍යාවක් ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා විදේශ ගතවූ අය බවත් එම කාර්යංශය සඳහන් කරයි.