( තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයතන වට මේස සාකච්ඡාවක් සමග අද (29) කොළඹදී පැවැත්වෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යෝජනා සංචාරක ආයෝජන වැඩි කිරීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු විසදීම වැනි කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මෙම සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ලබාදෙන ආයතන රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අග්නිදිග ආසියා හා පැසිෆික් කොමිසමේ හා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිෂමේ 32 වැනි ඒකාබද්ධ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට (30) පැවත්වවේ.
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
කොවිඩ් 19 බලපෑම හා සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වන මාර්ගෝපදේශ මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව ආසියා - පැසිෆික් කලාප වල රටවල සංචාරක ඇමතිවරුන් හා නිළධාරීන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට එක්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොඳයි ස්ටේජ් එකට දාන්න. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න හොඳ මොලකාරයෙක් දාන්න. ස්ටේජ් වල අනුන්ට බනින්න.. අපහාස කරන්න පාවිච්චි කරන්න තමයි වෙන්නේ...
එය කළ යුතුමයි.
මේ අවස්ථාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම්.., ඔය කාමරවල ඉන්න සංචාරක මණ්ඩලයේ අයට සහ බහුජාතික හෝටල්වල ලොක්කන් එක්ක කතාකරලා වැඩක් නැහැ. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕනෑනම් සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියන් එක්ක කතාකරන්න. ඔවුන්ගේ සහයෝගය ඇතිව ඔවුන්ගේ වහලා තිබෙන හෝටල් ටික නාරේධායන මධ්‍යස්ථාන වශයෙන් භාවිත කරලා අර අරාබිකරයේ අතරමංවෙලා ඉන්න අපේ ශ්‍රමිකයින් ටික ලංකාවට ගෙන්වාගන්න ඉන්පසුව මේ කාර්යය සඳහා ලබාදුන්නු ව්‍යාපාරිකයන්ට තම හෝටල් රිපෙයාර් කරගන්න යම්කිසි මුදලක රජයෙන් ගෙවලා ඔවුන් සමග සීත සෘතුවේ සංචාරක කර්මාන්තය සඳහා සූදානම් වෙන්න. මේ වැඩේ සඳහා සංචාරක මණ්ඩලයේ නිලධාරීන් මැදිහත් කරගන්න එපා.. මේ නිලධාරීන් ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යපාරිකයන්ට නයාට අඳුකොල මෙනි...
ඔබලාට රටේ පොඩි මිනිසුන්ගේ, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, විදේශ ශ්‍රමිකයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔබලා ළඟ ඒවාට විසඳුම් නැහැ.