(අංජුල මහික වීරරත්න)
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍යවරුන් හය දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරිණි.
එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තය ගැන කතා කරාට සෙවකයන් ගැන කිසිම අගය කිරිමක් කරන්නෙ නැහැ,සෙවකයන්ට හරි පඩියක් නැහැ, එමනිසා අද මෙහි සෙවකයන් විශල වශයෙන් රට රැකියවන් සදහා යොමුවෙනව. මෙම ප්‍රස්න නිසා හෝටල් ක්ශේත්‍රයේ පිරිහිමක් අතිවෙලා තියෙනව, දක්ශ සේකයා නැතිකමින්.
SLTDA ශක්තිමත් කිරීමට අවශ්‍යයි. බොහෝ ආයතන TDL නොගෙවන අතර මූල්‍ය අංශය නිදාගෙන සිටී. රජයේ ඉඩම් අනවසර පුද්ගලයන් විසින් අල්ලා ගන්නා නමුත් නීති අංශය නිදි.
SLTD එකෙන් සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයකට වෙන සේවයක් නොමැත. එම නිසා ඔවුන් ඒකෙ සාමාජිකයෝ වෙලා නිකරුණේ සාමාජික මුදල් ගෙවන්න කැමැති නැත. ලංකාවේ බහුතරයක් සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් වෙති...