(යොහාන් භාසුර)
මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් ද කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට මේ වන විට පැමිණ සිටියි.
එම නිලධාරියට සචිත්‍ර සමඟ කථා කිරීමේ අවස්ථාව ද දුන් බව එම පොලිස් ඒකකයේ නිලධාරියෙක් කීය.