(නිමන්ති රණසිංහ)
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු වන බැවින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව ගමන් තහනමක් පනවන ලෙසට නීතිපති දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී 2020 වසරේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇතැයි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය රට සහ ක්‍රීඩාව පාවාදෙන කොට තව මොනවද අපට ඉතිරි වෙන්නේ...? මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගම්බට්ටෝ එකතු වුණාම වෙනදේ මේකයි.
ක්‍රිකට් පාලකයෝ ප්‍රසිද්ධියේ සොරකම් කරන විට ,අනික් මිනිස්සු නොකර ඉඳීවිද ?