
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු , ලැප්ටොප් වර්ගයේ පරිගණක, ටැබ් යන්ත්‍ර , රන් භාණ්ඩ සහ මුදල් වන බව පොලිසිය සඳහන් කරයි.
නිවසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේ දී නිවසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සචිත්‍ර මහතා ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රි යළි නිවසට පැමිණෙන අවස්ථාවේ දල්වා ගිය විදුලිය විසන්ධි කර තිබූ අතර ඉදිරිපස දොර ද විවෘත කර තිබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සචිත්‍ර ලඟ මිළ මුදල් ගොඩක් තියනවා කියලා පැනපු අය හිතන්න ඇති, මොකද තරඟ පාවාදීම් චෝදනා එහෙමත් තිබුණ නිසා
තරඟ පාවාදීම් චෝදනා කුරුස කුමන්ත්‍රණයක් ද ආනන්ද නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් පහළ හෙලන්න