IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිංගර් ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි

සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත.

මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර් නිවේදනය කළේ ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් සහ ෆ්ලැග්ශිප් යන මාදිලිවලින් සමන්විත පුළුල් පරාසයක ZTE ස්මාර්ට්ෆෝන් පෙළක් හැකි ඉක්මනින් මෙරට වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන බවයි.

මෙම මාර්ගගත වැඩසටහනේදී සිංගර් විසින් ZTE හි ZTE V30 ස්මාර්ට්ෆෝන් මාදිලිය එළිදැක්වූ අතර නවීන අංගවලින් හා ආකර්ෂණීය පෙනුමකින් සමන්විත ZTE V30 සහ ZTE V30 Vitaද ඒ අතර විය.

ZTE සන්නාමය නවීන පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය වැඩි දියුණු කිරීමට කැපවී සිටින අතර වේගය, ක්‍රියාකාරීත්වය සහ කැමරාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

මෙම නවතම ZTE ස්මාර්ට්ෆෝන් සන්නාම හඳුන්වාදීම පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවැසීය. 

‘‘අප පාරිභෝගිකයන් වෙනුවෙන් පුළුල් පරාසයක තෝරාගැනීමේ පහසුකම් සහිත ලොව සුපතල ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම අපිට ආඩම්බරයක්. ZTE හි නව ස්මාර්ට්ෆෝන් වේගය, කාර්යසාධනය, ඉහළ ගුණාත්මකභාවය, කැමරා නවෝත්පාදන යන සියලුම අංශවල ඉහළ දියුණුවක් අත්පත් කරගෙන ඇති අතර ස්මාර්ට්ෆෝන් පරිශීලකයන් සඳහා විශිෂ්ට අත්දැකීමක් ලබා දෙයි. මෙම හඳුන්වාදීමත් සමඟම සිංගර් විසින් නවතම තාක්‍ෂණය සහිත ZTE ස්මාර්ට්ෆෝන් සියලුම පාරිභෝගිකයන්ට තරඟකාරී මිල ගණන් යටතේ ලබාගැනීමට පහසුකම් සපයා ඇති අතර සැප්තැම්බර් මාසයේ සිට නව ZTE ස්මාර්ට්ෆෝන් පරාසය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍



අදහස් (0)

සිංගර් ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site