IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිංගප්පූරුවෙන් ආ අමුත්තා

(ටී.කේ.ජී.කපිල)

ලෝකයේ නවීනතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද අලුයම කටුනායක ගුවන් තොටුපළට  ගොඩබෑවේය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය.

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබේ.

රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ( Economy ) ආසන 301 කින් සමන්විත වේ.



අදහස් (4)

සිංගප්පූරුවෙන් ආ අමුත්තා

Kumara Monday, 27 March 2023 10:50 AM

විහිළු සපයන්න එපා.

:       0       2

රනිල් Monday, 27 March 2023 10:52 AM

Singapore Airlines සිංගප්පුරු රජයට වැඩි කොටස් හිමි ලාභ ලබන ආයතනයකි

:       0       9

චන්දිම ෆොන්සේකාTuesday, 28 March 2023 08:01 AM

සිංගප්පුරු වත්මන් රජයේ අගමැති ඇතුළු සියලු දෙසපාලකයන් උගත් සහ අවංක ප්‍රතිපත්ති ගරුක සැබවින්ම තමන් කරන රාජකාරිය අකුරටම දැනගෙන කරන පිරිසක්. ඒ වගේමයි එරට ජනතාවත් බුද්ධිමත්. අපේ ඒක අංශක 180 කින් අනිත් පැත්තේ. අපේ දේසපාලුවෝ බොහොමයකට බැලුවොත් හරි හමන් උගත් කමක් නැහැ. බොහෝ දෙනෙක් තමන් කරන රාජකාරිය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. දන්නා අංක එකේ දේ තමයි කොහොමද කොමිස් ජරා යටිමඩි ගහලා තමන්ගේ මල්ල පුරවා ගන්න එක. ජනතාව බොහෝ දෙනෙකුට දෙසපාලුවන්ගේ තක්කඩිකම් තේරෙන්නේ නැහැ. අපි සිංගප්පුරුවට වඩා දහස් වාරයක් සියලු සම්පත් තියාගෙනත් නිරපරාදේ ලෝකේ පහලම හිඟන රටක් බවට දිනෙන් දින පිරිහෙනවා.

:       0       7

dasun Tuesday, 28 March 2023 11:17 AM

සුපිරියි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site