IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සිංගප්පූරුවේ මුත්‍රවලින් බීර පෙරනවා

සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා ඇති අතර මෙම බිර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බව පැවැසෙයි.

'නිව්බෲ' යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ 'නිව්වෝටර්' යන නමිනි. 'නිව්බෲ' බීරවල 'නිව්වෝටර්' සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති.

සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි. සිංගප්පූරුවේ 'ජාතික ජල සතිය' යන නමින් අප ජලය ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වුණු අතර, 'නිව්බෲ' බීර හඳුන්වා දීම ඊට සමගාමීව සිදුවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 'නිව්බෲ' බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. ඒ, ජාතික ජල ප්‍රතිචක්‍රීකරණ ආයතනය සහ දේශීය බීර නිෂ්පාදන සමාගමක් වන 'බෲකර්ස්' සමාගම හවුල් වෙමිනි.

පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙන 'නිව්බෲ' නිපදවීමට ජර්මනියෙන් මිලදී ගන්නා ඉතා උසස් තත්ත්වයේ බාර්ලි මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම නෝර්වේ රටින් ගෙන්වන ඉහළ ඉල්ලුමක් ඇති විශේෂ ඊස්ට් වර්ගයක් ද භාවිතයට ගැනෙයි.

(එන්.ඩී.ටීවී)



අදහස් (6)

සිංගප්පූරුවේ මුත්‍රවලින් බීර පෙරනවා

උදය Friday, 27 May 2022 12:42 PM

මෙහෙ නම් කාලයක් තිස්සේ පෙරනවා...

:       1       18

පුරවැසියා.. Friday, 27 May 2022 12:49 PM

මෙහෙත් පටන් ගනිමු. මූත්‍රාවලට හොඳ ඉල්ලුමක් තියේවි. තැබෑරුම් කාරයින්ගේ නිවාසවලට කැසිකිළි බට හැරවීම සුදුසුය.

:       1       15

The Matrix 1999 Friday, 27 May 2022 12:51 PM

කොහොමත් මුලු ලෝකයම අසූචි කාලා මුත්‍ා බොන තත්වය වැඩි ඈතක නොවෙයි...

:       1       21

siri Friday, 27 May 2022 02:42 PM

අපේ අර එක්කෙනෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා "ගෘහ කර්මාන්තයක්" හැටියට පවත්වාගෙන යන දේවල් පෙරාගන්න දාන ඒවා එක්ක බැලුවාම මේවා මොනවද කියලා...

:       1       7

Sam Friday, 27 May 2022 03:01 PM

ලංකාවේ නම් ඉස්සර ඉඳන්ම කරනවා. අපේ අම්මා ඉස්සර තාත්තාට බනිනවා ඔව්වා බොන්න තමයි හවසට ගෙදරින් යන්නේ කියලා...

:       0       8

Siri Saturday, 28 May 2022 04:32 AM

ආයෙත් ජොනීට හොඳ කාලයක් උදා වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site