
(යොහාන් භාසුර)
ජන හා නිවාස සංගණනයේදී ජනතාව සපයන පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකියන බවත් එහිදී නිවැරදි තොරතුරු සැපයීමට ජනතාව නීතියෙන් බැදී සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
ජන හා නිවාස සංගණනය පිළිබඳ දැනුවවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය එසේ සඳහන් කළාය.
නිවසට පැමිණෙන සංගණන නිලධාරියාට කිසිඳු බියක් සැකයක් නොමැතිව නිවැරදි තොරතුරු සපයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී සෙනෙවිරත්න මහත්මිය එම තොරතුරු එම දෙපාර්තමේන්තුවෙන් කිසිඳු බාහිර පුද්ගලයෙක් වෙත නොයන්නේ යැයි සහතික වියහැකි බව ද සඳහන් කළාය.
මෙවර සංගණනයේ තෙවැනි අදියර වන පුද්ගල සහ නිවාස පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට ක්‍රියාත්මක බවත් එම තොරතුරු තහවුරු කිරීමේ අවසන් අදියර ‘සංගණන දිනය’ දෙසැම්බර් 19 වැනිදා ආරම්භ 24 වැනිදා දක්වා දින 5 ක් ක්‍රියාත්මක වන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවාය.
සංගණනයට අදලා පොදු ස්ථානවල අවසන් තොරතුරු රැස්කිරීම දෙසැම්බර් මස 18 වැනිදා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කී අධ්‍යක්‍ෂ ජනරාල් සෙනෙවිරත්න මහත්මිය මෙම සංගණනයේදී මූලික තොරතුරු සමඟ සමාජ, ආර්ථික හා විද්‍යාත්මක තොරතුරු රැස්කරන බව ද සඳහන් කළාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙවර සංගණනය පරිගණක පද්ධතියක් යොදාගෙන නව තාක්‍ෂණය සමගින් ක්‍රියාත්මක බවත් මෙවර මේ වන විට රැස්කර ඇති තොරතුරු අනුව සංගණන ඒකක 8,377,895 ක් සහ නිවාස ඒකක 6,762,644 ක් ලැයිස්තුගත කර ඇති බවත් ඇය කීවාය.
මෙම විශේෂ මාධ්‍ය හමුවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් කේ. එල්. සී. එස්. වීරසූරිය මහතා සහ එහි අධ්‍යක්‍ෂ ආචාර්ය ඩබ්ලිව්. එල්. සී. එස්. වීරසූරිය මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තඹුත්තේගම අනුර, පඟර නැට්ටෙක් වගේ IMF පදයට නටන්න පටන් අරන් ! මේ සංගණනය, IMF එක යෝජනා කරපු කුලී ගෙවල් බද්ද අයකරගන්න කරන පළවෙනි පියවර.
ඔය තොරතුරු අවසන් දින එකතු කරන්න එන්නෙ සාමාන්‍ය ජනතාව තමයි. ඉස්සර වගේ ඔවුන්ගේ හැදියාවක් නැහැ. වර්තමානයේ රජයේ සේවකයින් වුණත් රහස් රකිනවා ඉතාමත් අඩුයි. ඔවුන්ට රහසක් රකින්න බැහැ. ඒ නිසා එම කටයුතු සදහා තෝරා ගන්න පිරිස්වල අය ලවා දිවුරුමක් අත්සන් කර ගන්නවා නම් ඉතාමත් හොදයි. සාමාන්‍යයෙන් මැතිවරණ කටයුතු වලදී ඡන්ද ස්ථාන වලට එන ඡන්දපොළ නියෝජිතයන් වුණත් දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කරන්න ඕන.