
(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කටයුතු කරයි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්වලින් හිටපු ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.
ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව), ජැක් කලිස් (දකුණු අප්‍රිකාව), බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුර්කාර් (ඉන්දියාව) සහ ඉයන් මෝගන් (එංගලන්තය) සෙසු කණ්ඩායම්වල නායකව ලෙස කටයුතු කරති.
මෙම තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් හම්බකළා මදිනේ, තව ඩොලර් කුට්ටියක් කඩා ගන්න එන්න. සුද්දන්ගේ තනතුරු, නම්බුනාම සල්ලි වලට ලංකාවේ ක්‍රිකට් පාවා දුන්නු කෙනෙක්...
රටෙත් නැති, රටටත් නැති කෙනෙක් සල්ලිවලට බල්ටි ගැහුවම අපට පාන්ද?
තමන් හම්බකරගත් සල්ලිවලින්, පිටරට ගිහින් ඉන්න එකේ වැරැද්ද මොකක්ද? රටට තව මොනවද එයා කරන්න ඕනේ..?