
(අංජුල මහික වීරරත්න)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය වෘත්තිකයින් වෘත්තීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව වැඩසටහන් සංවිධානය කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
පුහුණු අවස්ථා ලබා දීම තුළින් වෘත්තීය නිපුණත්වය සහ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර එය කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බෙහෙවින් ඉවහල් බවත් එමෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුතුව දැනටමත් ජනතාවට සපයන සේවාවන් හි ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමට ද මෙවැනි පුහුණු වැඩසටහන් අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා කීය.
වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන වලින් ප්‍රතිකාර සහ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබා දීම අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු ඒකකය මගින් සංවිධානය කරයි.


2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය දියුණු කරන්න අලුත් වැඩක් අරඹයි
Niranga Friday, 21 February 2025 01:41 PM
රෝහලේ හොරාට වැඩ කරලා. පෞද්ගලික රෝහල්වල සල්ලි ගරන උන්ට සාප වේවා.