(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගේන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ගැන තිබෙන වෛරයකින් ක්‍රෝධයකින් නොව මෙරට අහිංසක ජනතාව ගැන හැඟීමක් තිබෙන නිසා යැයි ජයවර්ධන මහතා කීය.
රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා කියා පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාස භංගයට විරුද්ධ වන මන්ත්‍රීවරුන් කවුද කියා ඒ ගැන සොයා හොඳින් මතක තියාගන්න. ඔවුන් එකෙකුටවත් කතිරේ නොගහන්න මතක තියාගන්න. ඔවුන් අපේ සතුරෝ...
ව්ශ්වාස භන්ගයට විරුද්දව චන්දෙ දෙන ඒකා මහජනතාවගෙ හතුරා
පොහොට්ටු කාරයෝ කොහොමත් කෙහෙළිය බේරාගන්නවා. කතිර ගැසීම කෙසේවෙතත් දුටු තැන හූ කියලා එළවන්න ඕනේ.
කාලකණ්ණි පොහොට්ටුවේ බයි සෙට් එක කොහොමත් පක්ෂවයි ඡන්දෙ දෙන්නේ...!