IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4,500 ක් ණයයි

(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16 ක්, විදේශ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15 ක්, දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 4 ක් සහ රෝහල්වල සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 10 ක් ලෙස ගෙවීමට ඇති මුදල් පවතින බව කී අමාත්‍යවරයා දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදලින් බිලියන 2 ක් ගෙවීම සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4,500 ක් ණයයි

නිමල් සෝලංගාරච්චි Thursday, 29 December 2022 08:54 AM

හැමෝම කතා වෙන්නේ CEB, සිපෙට්කෝ වගේ ආයතන ලබන පාඩු සහ ඒවායේ දූෂණ ගැන විතරයි. හැබැයි සෞඛ්‍ය අංශය කියන්නේ සුදු ඇඳගෙන හොරකන් කරන තැනක්ම තමයි. ලක්ෂ ගණන් හොර අතිකාල දාගන්න තැනක්. ලෝකෙ කොහේවත් නැති විදියට ඇඟිලි සළකුණු යන්ත්‍ර, පැමිණීමේ ලේඛන එපා කියලා වර්ජන කරන පිරිසක්. බහුතරයක් තරුණ වෛද්‍යවරු මාසෙට දවස් 6 යි වැඩ කරන්නේ... පැය 24 ගානේ බැලුවත් උදේ 8-4 රැකියාවක් කරන අයෙක් තරම්වත් පැය ගණනක් සේවය කරන්නේ නෑ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදි හදාගෙන එයාලා. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු උදේ 8-2 විතරයි. සති අන්තේ නිවාඩු. නමුත් වැටුපට අමතරව පැය 120 අතිකාල විතරක් රුපියල් ලක්ෂයක්... මුලු වැටුප ලක්ෂ 2 ක් ගන්නවා. රටේ මුදල් ඕනැතරම් තියෙනවා නම් ගත්තාට කමක් නෑ. මේ වගේ අවස්ථාවක, ළමා වාට්ටුවල ළමයින්ට ආහර වේල දීගන්න බැරුව ඉද්දී, සෞඛ්‍ය අංශයේ විදුලි බිල් කෝටි ගණන් ගෙවාගන්න බැරුව ඉද්දී, රෝහල්වල ගොඩනැගිලි හදපු කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන ගණන් ගෙවා ගන්න බැරුව ඒ ආයතනත් බංකොළොත් කරලා ඒවායේ සේවකයින් දහස් ගණනක් පාරට වට්ටලා ඉන්න වෙලාවකවත් අඩුම තරමේ තමන් ඇත්තටම කරන පැය ගාණට අතිකාල ගන්න වටිනවා නේද? මෙක බොරු නම් ඕනෑම කෙනෙක් හොයලා බලන්න මේ ගැන...

:       0       9

samanthiThursday, 29 December 2022 10:27 AM

කතාවනම් 100%ක් ඇත්ත. මගේ නෑනාත් දත් දොස්තර කෙනෙක්... වැඩට යනවාට වඩා කරන්නේ ට්‍රිප් යන එකයි. ලක්ෂ දෙකකට වඩා හම්බවෙනවා කිව්වා..

:       0       6

HayThursday, 29 December 2022 01:49 PM

සහතික ඇත්ත...

:       0       5

චචචතුර Thursday, 29 December 2022 10:42 AM

ආණ්ඩුවේ ඉස්පිරිතාල වක්‍රාකාරව පෞද්ගලිකකරණය වෙමින් පවතී. බෙහෙත් නෑ... පරීක්ෂණ පිටතින්.... නිතර වැඩ වර්ජන... ඉඩකඩ සීමිතයි... පොරොත්තු ලේඛන දිගයි... දැනටමත් භාගයක් පෞද්ගලිකකරණය වෙලා ඉවරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site