(බිඟුන් මේනක ගමගේ)
සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා අනුව මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ සඳහන් වේ.
බදුල්ල, යාපනය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලේ, මඩකලපුව, මාතර හා බෙලිඅත්ත දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියවලට යාකර සුඛෝපභෝගී මගී දුම්රිය මැදිරි ධාවනය කිරීමට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට එක එල්ලේම ආදායම් ලබාගත හැකි පරිදි සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීමේ හැකියාව ඇතැයි ද නිසි ක්‍රමවේදයක් සකසනවා වෙනුවට පෞද්ගලික සමාගම් හා පුද්ගලයින් සම්බන්ධ කරගෙන ඔහුනට වැඩි වාසි සැලැසීම දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමක් යැයි ද ඔවුහු චෝදනා කරති.
දැනටමත් කොළඹ කොටුව - මහනුවර නගරාන්තර දුම්රියේ, දුම්රිය ගමන් වාර 4 ක් සඳහා බ්ලූ ලයින් සුඛෝපභෝගී මැදිරි 4 ක් ධාවනය වන්නේ යැයි ද ඒ සඳහා එක් මගියකුගෙන් රුපියල් 1650.00 ක් අය කරන නමුත් අදාළ සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්නේ රුපියල් 760.00 ක් පමණක් යැයි ද එම ලිපියේ සඳහන් වේ.
දුම්රිය මැදිරියේ නඩත්තු කටයුතු හෝ දුම්රිය ධාවනයේ දී උද්ගතවන කිසිදු වියදමක් අදාළ සමාගම විසින් දරන්නේ නැතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සිය ලිපියෙන් චෝදනා කර ඇත.
මෙම සුඛෝපභෝගී මැදිරි එක් කරනු ලබන්නේ දැනට ධාවනය වන දෙවැනි හා තුන් වැනි පංතියේ මැදිරි ගලවා ඉවත්කිරීමෙන් යැයි ද එම නිසා සාමාන්‍ය ගාස්තු ගෙවන මගීන් සඳහා ඇති ඉඩකඩ අහිමිවන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.
මීට පෙරද එක්ස්පෝ හා රාජධානී ( Expo/Rajadhani) සුඛෝපභෝගී දුම්රිය මැදිරි ධාවනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ මූල්‍යමය හානිය රුපියල් කෝටි ගණනක් බව විගණන විමසුම් මගින් හෙළි වී ඇතැයි ද එනිසා පෞද්ගලික සමාගම් මැදිහත් කරගත් සියලු ව්‍යාපෘති දුම්රිය දෙපාර්තමේන්තුවට හානි දායක වන බව පෙන්වා දෙන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඔය එන්නේ... ඔය කැබිනට් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ. සරම හෝ කලිසම කුලියට ලොන්ඩරියෙන් අරගෙනද අඳින්නේ? කෝච්චි පෙට්ටිය රජයේ, රේල් පාර රජයේ, එන්ජිම රජයේ, සේවකයෝ රජයේ, රේල් පාර නඩත්තුව රජයේ, ලැබෙන මුදල් කාගේවත්ද? ඔයිට වඩා හොඳ නැද්ද අම්මා අප්පාවත් කුලියට ගත්තා නම්...
දුම්රිය නියත ලෙසම කළමනාකරණය හෝ පුද්ගලික අංශයට ලබාදිය යුතුයි. එසේ වූවා නම් පොදු මහජනතාවට මීට වඩා ගුණාත්මක සේවයක් ලබාගත හැකිව තිබිණි. මේ නාස්තිකාර ආයතන පවත්වා ගෙන යාම සඳහා දුම්රියේ කවදාවත් ගමන් නොකරන අහිංසක ජනතාවත් බදු ගෙවන බව අමතක නොකළ යුතුයි.
මම නම්න 100% පක්ෂයි ආණ්ඩුවේ මේ යෝජනාවට, මං උඩරට මැණිකේ දුම්රියේ පළමු පන්තියේ ගමන් කරනවිට දැක්ක ඒවායේ වැසිකිලි කොයිතරම් නම් ජරා තත්වයේ තිබුණද කියන එක. ඔක්කොම කොමෝඩ් කැඩිලා රේල්පාර පේනවා යටින්. සුද්දෝ නහය වහගෙනයි ඒක ඇතුළට යන්නේ.... කිට්ටුව තියෙන ආසනවලවත් යන්න බෑ දුර්ගන්ධය නිසා...
අද කෙනෙක් රැකියාවට උදේ දුම්රියෙන් අාවොත්, වර්ජන නිසා හැන්දෑවේ ආයෙත් දුම්රිය තිබේවිද යන්න සැකයි. මෙවැනි සේවයක් මහජන බදු මුදලින් නඩත්තු කරන්නේ ඇයි? දුම්රිය සේවාව පුද්ගලික අංශයට පැවරිය යුතුමයි.
අධික ලෙස පාඩු ලබන, කිසිදු විනයක් සහ පොදු ජනතාව කෙරෙහි කිසිඳු හැඟීමක් නැති වෘත්තීය සමිති කිහිපයකට නතුව තිබෙන කිසිඳු ප්‍රමිතියක් නැති දුම්රිය සේවයට මෙවන් නවීන සේවාවන් අනුබද්ධ කිරීම කිසිසේත් සිදු නොකළ යුතුයි. මෙවැනි සේවාවන් පෞද්ගලික අංශයට අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. අවශ්‍ය නම් තරගකාරී ලෙසින් රාජ්‍ය අංශයටද ලබාදීම සලකා බැලිම සිදුකළ යුතුයි.
රටේ තිබෙන මහජනයාට වැදගත් ආයතනයක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව.. මෙය කන්න පටන් ගත්තේ 1977න් පස්සේ. හොඳට ආදායම ලබපු තැනක් කල් දැම්මා. ඉදිරියටත් ඉතිරි ටිකත් කන්න තමයි හදන්නේ... වැඩිම ඉඩම් ප්‍රමාණයක් තිබුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ හෙන්චයියලාට ගොඩනැගිලි ගහගෙන ව්‍යාපාර කරන්න දුන්නා. බඩු ගෙනියන්න තිබුණු දුම්රිය නැති කළා. කැලණිවැලි මාර්ගයේ තිබුණු ලස්සනම දුම්රිය මග විනාශ කළා. ඒ වටිනාම ඉඩම් ටික අද කිසිම අයිතියක් නොමැතිව හෙන්චයියලා භුක්ති විඳිනවා. නොදන්නා අය දුම්රියේ ඉතිහාසය හා එය කා දමපු හැටි හොයලා බලන්න...
අනිවාර්යයෙන් පෞද්ගලික අංශයට තිබිය යුතුයි. නැත්නන් වෙන්නේ දුම්රිය සේවකයෙක්ම පවුල් පිටින් ඕකේ ඕක පාස් අරන් යනවා. අන්තිමට අනිත් මනුෂ්‍යයෙකුට මිනිහෙකුට මුදල් ගෙවලාවත් යන්න විදිහක් නෑ.
නුවර කොළඹ හා කොළඹ නුවර ඉන්ටර්සිටි එකේ ඔබ්සවේෂන් එකේ AC හදාගන්න බැරි දුම්රිය දෙපාර්තමේන්තුව කොහොමද මේ වගේ දේවල් කරන්නේ...?
ඇයි වර්ජනය කරන දවස්වලට වර්ජනය කරන අයගේ අඹුවන් සුඛෝපභෝගී මැදිරිවල තියලා බඩු ගාණට විකුණන් කන්නද? වර්ජනය කරකර මහජනයා අපහසුතාවයට පත් කරන අය තමයි ඉන්නේ...
මම නිතරම නුවර - කොළඹ යන්නේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ... මහේෂ් කිව්වදේට සම්පූර්ණයෙන් එකඟයි. දුම්රිය නියත ලෙසම කළමනාකරණය හෝ පුද්ගලික අංශයට ලබාදිය යුතුයි. එසේ වූවා නම් පොදු මහජනතාවට මීට වඩා ගුණාත්මක සේවයක් ලබාගත හැකිව තිබිණි. මේ නාස්තිකාර ආයතන පවත්වාගෙන යාම සඳහා දුම්රියේ කවදාවත් ගමන් නොකරන අහිංසක ජනතාවත් බදු ගෙවන බව අමතක නොකළ යුතුයි. ළඟදී ඉඳලා කම්පාර්ට්ස්මන්ට්ස් දාලා. ලක්ෂ ගානක් සේවකයෝ ඉන්න ඩිපාර්ට්මන්ට් එකට තනියම ඔය නැවත සකස් කරන එකවත් කරගන්න බැහැ..
දුම්රිය මැදිරිවල පහසුකම් අඩුයි කියලා දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණිලි කලාම එයාලට අයිති රේල් පීලි 2 යි, සිල්පර කොටන් ටිකයි විතරයි කිව්වා. අනිත් ඒවා වෙන කම්පැනියකින් කරන්නේ කිව්වා. කම්පනියේ නම එයාලට මතක නැහැලු. ඉන්ටර්සිටියේ යද්දිත් ඒ ප්‍රශ්නෙම දුම්රිය ආරක්ෂක අංශයේ ටිකට් පරීක්ෂකගෙන් ඇහුවම ඒවා එයාලටත් අයිති නැහැ කිව්වා . මන් ඇහුව එහෙනම් ටිකට් චෙක් කරන්නත් ඔයාලට අයිතියක් නැහැ නේ කියලා. කට වහගෙන ගියා යන්න.
සුඛෝපභෝගී මැදිරි පමණක් නොව සමස්ත දුම්රිය සේවයම පුද්ගලීකරණය කළ යුතුයි. වර්ජන මාෆියාව නිසා මගී ජනතාව 100% සිටින්නේ පුද්ගලීකරණය කළ යුතුය යන මතය තුලය. පසුගිය වර්ජන හේතුවෙන් දුම්රිය සේවයට කළ පාඩුව කොපමණද ? කියා මෙම වෘත්තිය සමිති සන්ධානය පැහැදිලි කළ යුතුය. ඒ තුලින් මහාජනතාවට සිදුවූ හා සමස්ත ආර්ථිකයට සිදුවූ පාඩුව කොපමණද ? එබැවින් කිසිම දුම්රිය වෘත්තිය සමිති සන්ධානයකට පාඩු ගැන කතා කිරීමට කිසිදු හැකියාව නොමැත. එබැවින් සමස්ත දුම්රිය සේවයම පුද්ගලීකරණය කළ යුතුමය.
එළදෙනගේ ඉස්සරහ පැත්ත රජයට දීලා පස්ස පැත්ත කොම්පැණිකාරයෝ අරගෙන. රජය දුම්රිය සේවය නඩත්තු කරන්න ඕනේ සුඛෝපබෝගී පැටවීම් සහ ලාභ කොම්පැණිකාරයින්ට. නියමයි නේද? අවුරුදු 5 කරලා තිබෙන රටට ලාභ ව්‍යාපෘති.