
(ගයාන් සූරියආරච්චි)
කැලණිය ගෝනවල ප්‍රදේශයේ මාර්ගයේ දමා ගිය සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රැම්බෝ පිහියක්, කඩු කිහිපයක් ඇතුළු ආයුධ සමග සමාජ ක්‍රියාකාරිකයෙක් අද (20) කැලණිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ගිනි අවි සහ ආයුධ තොගය මෙසේ සන්තකයේ තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සඳහා ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීම, බස්නාහිර පළාත් උතුර අපරාධ දිසාව බාර පොලිස් අධිකාරී වී.පී.ජේ. පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
-------------------------------------------------------------
(ගයාන් සූරියආරච්චි)
සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.
එම ජීප් රථයේ දොරෙහි ගිනි අවියක් සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂණය ද සිදු කළහ.
කැලණිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටාගේ මල්වාන නිවස මතක් වුණා.
වාහන දහස් ගණනක් අතුරුදන් වෙලා කියලා කිව්වනේ... ඉතින් එම වාහන වල අංක හා වාහන වර්ගය පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න තොරතුරු ලබාදෙන අයට සාමාන්‍ය දීමනාවක් දෙන්න තොරතුරු ලැබේවි. බොරු තොරතුරු සඳහා දඩයක් නියම කරන්න...