IMG-LOGO

සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු

(ඉන්දිකා රාමනායක)

වැලිකඩ ප්‍රදේශයේ දී අයිස් මත්කුඩු  සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපියල් 25,300 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව හා කෙසෙල්වත්ත යන පොලිස් ස්ථානවලට අනුයුක්ත රාජකාරි කරමින් සිටි දෙදෙනකු බව පොලිසිය පවසයි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා ඉකුත් ජුලි මස 23 දින රාජගිරිය කොටුවේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඉහත සැකකරු පරික්ෂා කිරීමේ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථක නංවාගෙන ගොස් අතර මගදි ඉහත භාණ්ඩ බලහත්කාරයෙන් ලබාගෙන ඔහු මුදා හැර ඇත.

මේ සම්බන්ධයෙන් සැකකරු වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලට අනුව දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා  රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site