
(ඉන්දිකා රාමනායක)
වැලිකඩ ප්‍රදේශයේ දී අයිස් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපියල් 25,300 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව හා කෙසෙල්වත්ත යන පොලිස් ස්ථානවලට අනුයුක්ත රාජකාරි කරමින් සිටි දෙදෙනකු බව පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා ඉකුත් ජුලි මස 23 දින රාජගිරිය කොටුවේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඉහත සැකකරු පරික්ෂා කිරීමේ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථක නංවාගෙන ගොස් අතර මගදි ඉහත භාණ්ඩ බලහත්කාරයෙන් ලබාගෙන ඔහු මුදා හැර ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරු වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලට අනුව දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd