(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල ගල්වල ප්‍රදේශයේ පදිංචි (29) පුද්ගලයෙකු වන අතර ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
කුරුණෑගල පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ (17) රාත්‍රියේ කුරුණෑගල ගල්වල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 1050 ක ප්‍රමාණයක් සමග ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරු ට විලංගු දමා පොලිස් ස්ථානයේ දූෂණ මර්දන මර්ධන අංශය වෙත රැගෙන විත් වැටලීමේ සටහන් යොදමින් සිටින අවස්ථාවේ සැකකරු එකවරම එහි මේසය මත තිබූ වීදුරු බෝතලයක් ගෙන එය පොළොවේ ගසා කඩා එම කැබැල්ලකින් බෙල්ල ප්‍රදේශය කපා ගෙන ඇති බව පොලිසිය කියයි.
එහි සිටි නිලධාරීළධාරීන් විසින් සැකකරු මෙල්ල කර කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සැකකරුවෙක් පොලිසියේ දී ගෙල කපාගෙන