(එම්.සුසිල් පියන්ත)

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොස්ගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බැංකු කාඩ් පත සොරකම් කොට ඔහුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් ඇද්දේ යයි ගාල්ල අපරාධ කොට්ඨාසය අත් අඩංගුවට ගත් කොස්ගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් පීතිකා සංජීවනී මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කොස්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කළ ආණමඩුව,මුදලන්කුලිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව කරනු ලැබූ පරීක්ෂණයක් මත මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඇල්පිටිය වල්ලඹගල පදේශයේදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන කළේය.