
(නිමල් ජයරත්න)
සිරිපුර බාල පොහොර ගබඩාවට සම්බන්ධ යැයි සැකකරන, ලේබල් හා මිල ගණන් වෙනස් කරන ලද බාල පොහොර මිටි පනහකින් යුත් ලොරි රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සෙවණපිටිය ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනකු සමග අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරට අනුව, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පොළොන්නරුව සෙවණපිටිය නගරයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදවා මෙම ලොරි රථය සහ පොහොර තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා කීවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20,38,44 යන වයසේ පසුවන සිරිපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ සිට සිරිපුර මීට පෙර බාල පොහොර වලට අත්අඩංගුවට ගත් හිමිකරුගේ පොහොර ගබඩාවට මෙම පොහොර තොගය ප්‍රවාහනය කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් පොහොර තොගයේ සාම්පල් ලබාගෙන පොහොර ලේකම් කාර්යාලයට ලබාදීමෙන් පසු මෙම සැකකරුවන් සහ පොහොර තොගය පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැක පොහොර තොගයක් අල්ලයි
Lalla Monday, 15 September 2025 09:14 AM
ලේබලය නම නැතිද?