IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සැක කන්ටේනර් 323 සිද්ධියේ වාර්තාව ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කන්ටේනර් 323 ක් නිදහස් කර ඇතැයි කියන ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

ඒ කමිටුවේ වාර්තාව මේ දිනවල සකස් කරගෙන යන බවද ඔහු කීය.

මේ අතර වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් කෝටි 45000 ආදායම මේ වසර අවසානයේදී ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ.

මේ වසරේ පළමු මාස පහේදී වාහන ආනයනයෙන් රුපියල් රුපියල් කෝටි 13600 ක ආදායමක් උපයාගෙන ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.

වාහන ආනයනයට ණය වර ලිපි 596ක් විවෘත වී ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.

ඒ සමග කෝටි 30000ක ආදායමක් එන බවද ඔහු කීවේය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

 



අදහස් (1)

සැක කන්ටේනර් 323 සිද්ධියේ වාර්තාව ලබන සතියේ

අරුණි Thursday, 05 June 2025 07:59 AM

ආන්ඩුව ගෙදර යවලා ඊට පස්සේ තමයි පරීක්ශනයක් කරන්න වෙන්නේ. අපි නොදන්න live. හැබැයි ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site