(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කිසියම් අපරාධයක් සිදුකිරීම සූදානමින් සිටි පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 ජිව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව ජාවාරම්කරුවන් වන බඩෝ විට අසංක සහ සැන්ඩෝ යන අයවලුන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කළුබෝවිල කඳවුරේ නිලධාරීන් විසින් කළුබෝවිල විමලසාර මාවතේ නිවසක් වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි  පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත බාර දීඇත