(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) හෝ අනිද්දා (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී.වයි.ජී රත්නසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයෙන් දුන්නා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ හයක් පෙනී හිටියා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සංඛ්‍යාව වැඩියි. අපොස සාමාන්‍ය පෙළ විභාගයන්හි ප්‍රතිඵල කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් හඳුන්වාදෙන්න අපි නියෝග දීලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කරාවි. දැන් එම ප්‍රතිඵලවල අවසන් පරීක්ෂාව සිදු වෙනවා.
උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය තවමත් තීරණය කර නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාපෙට බාලගිරි දෝෂය...