(යොහාන් භාසුර)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මේ මස 4 වැනිදා සිට 18 වැනිදා දක්වා කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරු වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.