IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි පිලට ‘ෆස්ට් කැපිටල්’ අනුග්‍රහය දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රධානතම සහ පැරණිතම රග්බි සමාජයක් වන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ මෙවර පළමු කොටසේ රග්බි තරගාවලියේ ‘පැලැටිනම්’ අනුග්‍රහකයා ලෙස ජනශක්ති සමූහයට අනුබද්ධ ‘ෆස්ට් කැපිටල්’ හෝල්ඩින්ස් සමාගම කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රැසකට අනුග්‍රහය දක්වන ජනශක්ති සමූහය රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන පළමු අවස්ථාව මෙය වන අතර ‘ෆස්ට් කැපිටල්’ සමාගම පවසන්නේ අර්ථික වශයෙන් දුෂ්කර අවස්ථාවේදී මෙම අනුග්‍රහය පිරිනැමීම හරහා ජනශක්ති සමූහයට අයත් සමාගමක් ලෙස ක්‍රීඩාවට ඇති කැපවීම ප්‍රදර්ශනය කළ හැකි බවයි.

‘ෆස්ට් කැපිටල්’ සමාගමේ අළෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා පැවසුවේ මෙම අනුග්‍රහය හරහා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිපූර්ණ සංවර්ධනයක් පමණක් නොව මූල්‍ය විසඳුම් තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානයක් යොමු කරන බවත්ය.

‘ෆස්ට් කැපිටල්’ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සභාපති ටිකිරි ඇල්ලෙපොළ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පිහිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ශ්‍රවණාගාරයේදී එම අනුග්‍රහය නිලවශයෙන් පසුගියදා ප්‍රදානය කළේය.



අදහස් (1)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි පිලට ‘ෆස්ට් කැපිටල්’ අනුග්‍රහය දෙයි

ravin Monday, 04 December 2023 05:08 PM

පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ කියන ෆස්ට් කැපිටල් ආයතනයේ ආයෝජකයෝ කවුද කියන එක තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site