(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ අත්සන් සහ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව අපරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ පරික්ෂාවට ලක් කර ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.
පැය 2 ට අධික කාලයක් පුරා ඔවුන් එම පරිශ්‍රයේ රැදී සිටි බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබු අතර, මෙම වංචා සිද්ධියට වගකිවයුතු පිරිස ලබන 16 වැනි දිනට පෙර අත්අඩංගුවට අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd