IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම දුරකතනය සහ සිම්කාඩ් පත මරණකරුගේ පවුලේ ඥාතීන්ට ලබා දුන්පසු ඔවුන් එම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී එහි ඇති දත්ත මැකී යා හැකි බවටත්, එම දුරකතනය සහ සිම්කාඩ් පත සම්බන්ධ පරික්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බවටත් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව ලබන 28 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.

 



අදහස් (3)

ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න බැහැ කියයි

Lalla Wednesday, 21 June 2023 07:28 AM

නඩු භාණ්ඩ... විනාශ වී යනකම් අත්අඩංගුවේ. රටට විශාල පාඩුවක්... උසාවිවල ගාල්කර තිබෙන වාහන වලට වෙනදේ දකින විට දුකයි. බොහෝ කොටස් හොරු ගලවල..ඉතිරිය...දිරල විනාශ වෙනව...

:       0       2

sam Wednesday, 21 June 2023 07:59 AM

ප්‍රතිපල නැති ලංකාවේ නඩු

:       0       1

Bunny Preena Thursday, 22 June 2023 12:05 PM

සියලුම දේ නැසෙන සුළුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site