
(දෙහිවල එච්.එම්. ධර්මපාල)
අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ෂීල් නැමැති අධිසැර ඩාන්සින් පෙති 305 ක් සමග එක් පුද්ගලයෙකු ගල්කිස්ස බඩඕවිට 5 වැනි අදියරේදී අද (25) ගල්කිස්ස දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාට ලද තොරතුරකට අනුව සිදුකල විමර්ෂණයේදී මෙම මත්පෙති තොගය සැකකරු විසින් දුරකතන ඇමතුමක් අනුව පුද්ගලයෙකුට අලෙවිය සදහා රැගෙන යමින් සිටියදී වැටලීම සිදුකර අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්පෙති වැඩි වශයෙන් වෙරළ තීරය ආශ්‍රිත හෝටල්වල හා රාත්‍රී සමාජ ශාලාවල නර්තනය සඳහා පුද්ගලයින් භාවිතා කරනු ලබන අතර .එක් පෙත්තක් රුපියල් 4500 සිට 5000 දක්වා වන මිල ගණන්වලට අලෙවි කරනු ලබන බවත් පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස පොලිස් නිලධාරිහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් ලොක්ඩවුන් කාලෙත් මේ අයට එහෙමෙහේ යන්න පාස් දුන්නු පොලිසිය කවුද?
‘‘ඩාන්සින් පෙති‘‘ කවදා අහපු පෙතිද? අනේ අපේ රටට ගිය කලක්..
දැන් පොලිසියට නැටුම් ටැබ්ලට් අලෙවි කළ හැකිය.
මෙයාලම අල්ලනවා. අනිත් අතට විකුණනවා. නැවතත් මෙයාලම අල්ලනවා.