
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට, ස්වයංක්‍රීයව හිමිවන පුරවැසි අයිතිය අහෝසි කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කර තිබූ විධායක නියෝගය, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
නීතිවිරෝධී ලෙස අමෙරිකාවට ඇතුළු වූ සංක්‍රමණිකයන්ට සහ ඇතැම් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට දාව එරට තුළ උපත ලබන දරුවන්ට මෙතෙක් පැවති මෙම සහනය අහිමි කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය ඒ අනුව ව්‍යාර්ථ වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
කෙසේ නමුත්, මෙම නඩුව විභාග කළ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 9 දෙනකුගෙන් යුත් මඩුල්ලේ 6-3 ක බහුතර ඡන්දයෙන් තීන්දු කර ඇත්තේ, ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එරට භූමිය තුළ උපදින දරුවන්ට උප්පැන්නයෙන්ම හිමිවන පුරවැසි අයිතිය සහතික කර ඇති බවය.
මෙම අධිකරණ තීන්දුවත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd