
(මංගල එදිරිසිංහ සහ චමිලා අල්විස්)
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 කි.
හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු දිළුම් මදුරංග මහතාය.ඇගේ මව සජානා නේපාලි මහත්මියයි.
හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මත මෙම ජයග්‍රහාණය හිමිකර ගත් බව බිසන්ධි යෙවින්යා සිසුවිය කීවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් දුව!!! ඔබගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා සියලු සුභ පැතුම්!!
ඇත්තටම විභාගේ ප්‍රතිඵල ගන්න මහන්සි උන් හැටි දන්නෙ දූයි, දූගේ දෙමව්පියොයි, කාටවත් ක්‍රෙඩිට් වැටෙනවට මං නං අකමැතියි. තමන්ගේ උත්සාහය නැත්තං, ඔහොම ලකුණක් ගන්න බෑ.දූට ජය.
මම ඉන්න දියුණු රටේ නම් පළවෙනියෝ තේරීමක් නෑ පොඩි දරුවන්ගේ විභාග වල. ළමයි හරිම තරඟකාරී වුණත් අනිකාගේ තරඟය සහ ජයග්‍රහණය වෙන දරුවෙකුට මානසික පීඩනයක් බවට පත් වෙන්න මේ රටේ වැඩිහිටියෝ දෙන්නේ නෑ. රටවල් දෙකේම ජීවත් වෙලා ඔය විභාග වලින් ඉහලින්ම සමත් වෙලා මෙහෙ ආපු මට නං හිතෙන්නේ මෙහෙ ක්‍රමය තමා දරුවන්ට හොඳම කියලා.
සුබපැතුම්...!
උණුසුම් සුභ පැතුම් දුව. ඔබගේ අනාගතය අති සාර්ථක වේවා.