(බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සුනිල් ප්‍රේමරත්න නමැත්තෙකි.