IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ශිෂ්‍ය භික්ෂූහු ඇමැති නිල කාමරය වටලති

(රංජන් කස්තුරි)

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩාවැඳුණු  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වෙති.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරපස ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ  එම පිරිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිලකාමරය පිහිටි තෙවන මහළට කඩාවැසී විරෝධතාක නිරත වෙති.

අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රයට පොලිසිය ද කඳවා තිබේ.



අදහස් (21)

ශිෂ්‍ය භික්ෂූහු ඇමැති නිල කාමරය වටලති

යෝගා Thursday, 23 February 2023 04:30 PM

සියලු දොර ජනෙල් වහලා අගුලු දාලා සේවකයින් රාජකාරි නිමවා ගෙදර යන්න. පසුදින පොදු දේපල පනත යටතේ චණ්ඩි සෙට් එක අත්අඩංගුවට ගන්න පුළුවන්. මාස තුනකට විතර ඇතුළට යවන්න....

:       10       188

senaThursday, 23 February 2023 06:16 PM

මෙතනට පැමිණ තිබෙන්නේ බික්ෂුන් වහන්සේලා නොවේ. චීවරයට මුවාවී එයට නිගකරමින් බුද්දු දහම, ජාතිය ආගම සුක්ෂමව විනාශ කරමින් සිටින මාෆියාවක්

:       2       60

nimalFriday, 24 February 2023 07:14 AM

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩාවැඳුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය පිලිබදව ඔවුන් රදවා තබා තිබෙනාවූ සිරකදවුරට මහනායක බික්ෂුන් වහන්සේලා පැමිණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මුණගැසී කලයුතුවන්නේ කුමක්ද නොකලයුතුවන්නේ කුමක්ද ? සහ භික්ෂූන් වහන්සේලා විසින් උත්ගොසන කලයුතුවන්නේ කෙසේද කියාත් ඔවුන් දැනුවත්කර එසේ නොවන්නේ නම් චීවරයට, බුදුදහමට නිගරු නොකර භික්ෂූ බවයෙන් ඉවත්ව පන්සලෙන් පිටවගොස් ඕනෑම උත්ගොසනයකට සහබගිවන ලෙස දැනුම දිය යුතුවේ. මේ පිලිබදව ඔවුන්ගේ ඥාතින්ද දැනුවත් කලයුතුවේ.

:       2       59

DadlyFriday, 24 February 2023 08:49 PM

යූඑන්පී හොරිකඩයෙක් දොඩවයි.

:       17       2

සත්‍ය ගවේෂී.Friday, 24 February 2023 10:33 PM

සිව්රු දාගත්තු බට්ටෝ .. කියනා කතාව මේ අයට වලංගුයි වගේ පේන්නේ .. එහෙමත් නැත්නම් සිව්රු දාගත්ත නොහික්මුණු කොල්ලෝ ...

:       1       11

ජයන්ත Thursday, 23 February 2023 04:41 PM

දැන්නම් හාමුදුරුවරුන්ට වඳින්න කලින් කිහිපවාරයක් හිතන්න වෙනවා.

:       141       65

සමන් - ඕමානයThursday, 23 February 2023 06:59 PM

ජයන්ත, හැම හාමුදුරු නමක්ම ඔය ගොඩට දාන ඒක වැරදියි. විනීත, ශික්ෂාකාමී, බුද්ධ ශාසනයට කැපවුණු ස්වාමීන් වහන්සේලා ඕනෑතරම් ඉන්නවා. මෙතන මේ අවිනීත ලෙස, අසංවර ලෙස හැසිරෙන්නේ පෙරටුගාමියන්ගේ හා ජෙප්පන්ගේ මොට්ට අදහස් වලින් ඔලුව පුරවා ගත් හා ඔවුන්ගේ දේශපාලන උසිගැන්වීම් වලට වහලුන් වූ, විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමේ තමන්ගේ මුලික අරමුණු අමතක කරලා දාපු, ශාසනයට තමන් විසින් කළයුතු යුතුකම් හා සේවාව අමතක කරලා දාපු නොසන්ඩාල පිරිසක් බව හිතන්න.

:       10       120

උපාසක Friday, 24 February 2023 07:10 AM

සමන් ඔයා වැරදියි කියන්නත් බැහැ ඒත් මෙහෙම කරන බොහෝදෙනෙක් තමන්ගෙ ගෙදර අඩුපාඩු නිසා පැවිදිව සිටින උපාධිය අවසන් වෙලා හීරලුවො වෙන්න සිටින පිරිසක් කියලා කියන්න පුළුවන් ඔවුන්ට ආගම දහම ගැන හැගීමක් නැහැ ඔය දගලනවා ඇත්තේ කෙල්ලෙක් යාලුකර ගන්න වෙන්නත් පුළුවන් කොහොම වුනත් පෙරෙට්ටුවෝ නැත්නම් ජෙප්පො කරන වැඩත් අරගලය ගැනත් බලනවිට මේවා ඔක්කොම ලංකාවෙ බුදු දහම විනාශ කරන්න කරන උප්පරවැට්ටියක් කියලා කියන්න වෙනවා

:       3       84

Bamunuarachchi Thursday, 23 February 2023 07:52 PM

මේ කාලකන්නි හැත්තට දෙමළුන්ට 13 දෙනවාට කැමතියි කියන අර ජේවීපී කාන්තාවගේ ගේ වටකරන්න බැරිවුණා...

:       18       78

Pathum Thursday, 23 February 2023 08:24 PM

සිවුරු දාගත්තාට ඵලක් නැත...

:       50       37

kapila Thursday, 23 February 2023 09:19 PM

නවක වදය දී ගන්ට බැරුව මුන්ට පිස්සු හැදිලා.

:       2       31

උපාලි Friday, 24 February 2023 07:16 AM

මේ අයට කොහොමද හාමුදුරුවෝ කියලා කියන්නේ...? දෙන්න ඕනෑ ඔලුවට පැණි හැලෙන්න.

:       1       19

Piyal Friday, 24 February 2023 07:33 AM

පින්ඩපාතෙ වැඩල තියෙන්නෙ

:       0       17

චන්දන Friday, 24 February 2023 07:35 AM

අධ්‍යාපන ඇමති ගැනත් යමක් කියන්න තිබෙනවා . මෙලෝ රහක් නැහැ . අමාත්‍යාංශ ඉහල පුටුවල ට ස්ථිර නිලධාරීන් පත් කරලා නැහැ . අධ්‍යාපන පරිපාලන සේවා විශේෂ පන්තියේ පුරප්පාඩු මාස ගණනක් තිස්සේ එහෙමමයි . උදේ 10 වෙනකොටත් සේවක පුටු හිස්. පාලු අම්බලමක් වගේ. ඉතිං රටේ අධ්‍යාපනය ඉතිරි වේවි ද. පණ ඇති අධ්‍යාපනය ගැන නිසි අවබෝධයක් ඇති ඇමති කෙනෙක් දානකම් මේක විනාශයි .

:       6       14

jayasekara Friday, 24 February 2023 09:32 AM

මුන් මගෙ පන්සලක ඉන්නවනම් එලොල දානව.. සාසනේ කන්න ආපු කාලකන්නි ..... මමනම් කියන්නෙ භික්ශූන් වහන්සේා්ාවිශ්ව විඩ්යාල අඩ්යාපනය ඔනෙම නෑ කියන මතයෙ... සහ රජයේ රස්සාවල්..... සිවුරක් දාගන්නෙ සංසාරෙන් එතෙර වෙන්න මිසක් උපාදි අරගෙන පඩියට රස්සාකරල සල්ලි හම්බකරන්න නෙවේනෙ....

:       1       29

ඉද්දමල්ගොඩ ආරියදාස Friday, 24 February 2023 12:31 PM

සිනමා නලු බුද්ධදාස මහතා රැස්වීමක් අමතා කියලා තිබුනා කෝට්ටේ යුගයේ ලංකාවට පැමිණි අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල්ගේ මුනුබුරා ආගම හා භාෂාව පාවිච්චියට ගෙන බලය ගත්තා කියලා ඔහුගේ සීයා ලංකාවේ හිටපු රජුත් ඇමතිලාත් භේද කළා. මුනුබුරා කලේත් ඒකම තමයි ඔහු අපේ බුදු දහම විනාශයට පාරත් හදලා 1957 පමණ වෙනවිට කාර්පට් කරලත් ඉවරකළා, ඒ කොහොමද කිව්වොත් එතෙක් ඉතාමත් ඉහළම අධ්‍යාපනයක් දුන්නු පිරිවෙන් රජයට ගත්තා. පිරිවෙන් අධ්‍යාපනය නැත්තටම නැතිවුණා... එහි විපාක තමයි දැන් ඔය කුඩා උන්නාන්සේලා පෙන්වන්නේ. මේවා කලේ අවුරුදු 30ක යුද්ධයට අමතරවයි කියලා කියන්න පුළුවන්...

:       1       12

Amarasingha Friday, 24 February 2023 02:36 PM

සිවුරු දරාගත්තු ඇතැම් අයට ප්‍රශ්න නැහැ.

:       0       3

මෝ Friday, 24 February 2023 05:01 PM

ඔය විජ්ජාලේ නම් වහලාම දාන්න ඕනේ. ඔය බට්ටන් සෙට්එක නේද විකාර කරලා තිබුනේ...

:       9       11

sampath Saturday, 25 February 2023 10:41 AM

වගකීමක් දරන්න බැරි අය පත් කළාම ඔයොම වෙනවා. උසස් අධ්‍යාපනයයි පාසල් අධ්‍යාපනයයි අහසට පොළොව වගේ. පරිපාලන ගැටලු විසඳන්න ඕනි ඒ වගේම කඩප්පු ක්‍රියා නතර වෙන්නත් ඕනි. මේක ත්‍රස්තවාදයක්.

:       4       1

kamal Saturday, 25 February 2023 11:57 AM

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වසාදමා එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවට පත්කළ යුතු බව මේ පෙරටුගාමී සහ ජේවීපී බට්ටන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරනවා..!

:       0       9

chandima Sunday, 26 February 2023 01:35 PM

හොඳ වෙලාවට බුදුන් වහන්සේ පිරිනිවන් පාලා... වැඩහිටියා නම් උන්වහන්සේගේ ගඳකිළියත් වටලනවා. මේ චීවරධාරීන් බුදුසසුන විනාශ කරනවා.. චීවරය දරාගෙන විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම තහනම් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 28 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා
2024 අප්‍රේල් මස 29 47 0

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක


පාඨලී සී.අයි.ඩීයට කැඳවයි
2024 අප්‍රේල් මස 29 259 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.


දුම්රියේ වැඩබලන්න නව සාමාන්‍යාධිකාරීවරයෙක්
2024 අප්‍රේල් මස 29 185 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.


දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි
2024 අප්‍රේල් මස 29 574 1

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුව


වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති
2024 අප්‍රේල් මස 29 624 7

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site