(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් ටී - 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමග අද සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග මෙම ශිෂ්‍ය භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව ගංජා ග්‍රෑම් 850ක් ළඟ තබාගෙන සිටි බව කියමින් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මම නිතර කියන JVP සිවුරු කල්ලියේ ගොයියෝ. පැතුරොම් විතර නොවෙයි අමුඩ තිබෙනවාද කියලාත් බලන්න. මේ ගොල්ලොම තමයි අමුඩේ ගහගෙන ගොවි උද්ගෝෂණ වලට යන්නේ.
පැටිගිරිය සොයා බලන්න. පාතාලයෙක් වෙන්න පුළුවන්.
ඔය පැත්තේ කීර්ති කියලා ළමා නිවාසයක් තිබුණා. එම නිවාසය වසා දමා දිගුකලක් ගතවෙනවා. එම නිවාසය සඳහා ලක්ෂ පනස් ගණනක් රජයේ වියදමින් දෙමහල් ගොඩනැගිල්ලක් හැදුවා. පුස්තකාලය සඳහා විශාල වශයෙන් පොත් ලබාදුන්නා. එම ප්‍රදේශයේ පරිවාස කාර්‍යාලයේ ප්‍රධානියාට වත් දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට එම ප්‍රදේශයේ තරුණයෝ එන්න දුන්නේ නැහැ. දැනට අවුරුදු 15ක් පමණ පෙර මේවා වුනේ. ඔය පැත්තේ මිනිස්සු ඔහොමයි කියලා හිතෙනවා...
මෙවැනි අති පෘතග්ජනයින් උපැවදි කිරීමට නායක හිමිවරු ක්‍රියා කිරීම වැදගත් යැයි සිතමි. නැත්නම් ඔවුන් අරහත් ධජයට නිගරු කරනවා ඇති.
පාන්සකුලෙත් එයාම දෙනව ඇති