
(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය නායක දඩයමට විරෝධය දැක්වීම සඳහා එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (17) රාත්‍රී විරෝධතාවක් පැවැත්වීය.
එහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් 1000 කට අධික පිරිසක් පන්දම් දල්වාගෙන විරෝධය දැක්වූහ.
‘ශිෂ්‍ය නායක දඩයම නවතනු’ සහ ‘ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ බොරු පැමිණිළි මත අත්අඩංගුවට ගත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරි දිල්ෂාන් හර්ෂණ වාහාම නිදුහස්’ ආදි පුවරු එහිදී ශිෂ්‍යයෝ ප්‍රදර්ශනය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේට එන්න ඉස්සෙල්ලා... ඉස්කෝලෙ යන කාලෙ වගේ නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉගෙන ගන්නේ නැතිව... කැම්පස් තේරිලා රටවල් පෙරළන්න යනවා. පාඩුවේ ඉගෙන ගෙන උපාධිය ගත්තා නම් ඉවරයිනේ...
ගිනිකන්ද පුපුරන්න තවම රත්වෙලා මදි...
පොදු මහජනතාව වන අපගේ යෝජනාව නම් නායකයින් පමණක් නොව ගෝල බාලයින් ද සිර කූඩුවල ගාල් කිරීම යෝග්‍ය බවයි. නැතුව නම් සරසවිවල ඉගෙනීම් කටයුතු පවත්වා ගෙන යනවා බොරු!