(මනෝජ් හර්ෂික)
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) සඳහන් කළේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ අදත් සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන් සාර්ථක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමින් අමාත්‍යවරයා අද මේ පිළිබඳව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මව්බිමට අතිමහත් කීර්තියක් ගෙනදුන් ගරු අර්ජුන රණතුංග මැතිදුනි ඔබතුමාට චිරංජයතු.
ඔබතුමා ඔහොම කීවට ඒ පැත්තේ කට්ටිය කියන්නේ ඔය එකතු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලවපු දැනට යනඑන මන් නැතුව අනාථ වෙලා ඉන්න පිරිසක් කියලයි. චන්ද්‍රිකා මැතිණිය එක්ක වෙල්ගම මහත්තයත් එකතු කරගන්න පුළුවන් වුණොත් නම් ඔන්න කට ඇරලා කියන්න පුළුවන්.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එකතු වුණා කියලා. සිරිසේන මහත්තයා ජනාධිපති කරන්න වතුර යටින් ගින්දර අරගෙන ගිය චන්ද්‍රිකා මැතිණිය නම් සිකුරාදා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවෙනවලු. ඒ වුණාට වෙල්ගම මහත්තයා නම් එයි කියලා හිතන්න අමාරුයි...
ලොස්ට් අය.
ශ්‍රීලංකා කාරයෝ කෙසේ වෙතත් චන්ද්‍රිකා එන්න පුළුවන්. මොකද වෙන යන්න තැනක් නැති නිසා. නමුත් ඔබතුමා ගෝඨා ගාවට යන්න පුළුවන් කියල මටනම් හිතෙන්නේ.
ඔබතුමා ලංකාවේ ඉන්නවද ? දුම්රිය වර්ජනය වෙලාවේ කොහද හිටියේ? දැන් ඔබතුමා මේ පාර ඉල්ලන්නේ මොන පක්ෂයන්ද ?
එන්න ඉන්නේ කව්ද යන්න ඉන්නේ කවුද කියලා කියන්න කොන්දක් නෑනේ. හැම මැතිවරණයකදීම කියන සුපුරුදු සිංදුවම අායේ අායේ කියනවා.
කීයක් ගෙවනවා කිව්වද ?
අයියත් එනවද?
බෝම්බ පක්ෂේ.
හිනාවෙන්න එපා. මේ ඔක්කොම යන්නේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්... පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවේ...
මෙයාගේ කෙරුවාව ෂේන් වෝන්ගෙන් ඇහුවා නම් අගේට කියයි.