
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) කලවාන වැද්දාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සැකකරු ගේ දරුවෙකු නිවස වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා අස්වාභාවික ලිංගික කටයුත්තක් සිදු කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබදව ඇති වූ කේන්තිය නිසාවෙන් ඔහුගේ නිවසට ගොස් පහර දී ඝාතනය කල බව සැකකරු පාපොච්චාරණ කල බවද පොලිසිය පවසයි.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ව්‍යාපාරිකයෙකි
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd