(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහි හිටපු වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කර තිබිණි.
මේ වන විට ජනාධිපතිවරණය නිමා වී ඇති බැවින් හා නව ජනාධිපතිවරයෙක් පත්ව සිටින බැවින් යළිත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධූරයේ කටයුතු කරන බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ඒ අනුව තමන් ද යළිත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස පෙර සිටි තනතුරේම කටයුතු කරන බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවේ මෙයාගේ ඡන්ද ටික නම් දාල තිබුනේ සජිත්ට. ගෝඨට ආවේ 53% . හරිනම් එය 67% වෙන්න ඕනේ.
මේ ඉත්තෝ ටික තම ඉතින් එහාට මෙහාට වේවි ඉන්නේ... අපිට බලන් තමා ඉන්න තියෙන්නේ..
ශ්‍රීලනිප එකත් විනාශයි.
සිංහල බෞද්ධ ජනතාව කෙලින් ඉන්නවානම් ශක්තිමත් ස්ථාවර රජයක් පිහිටුවන්න ගෝඨාට හැකි වෙනවා. එතැනදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හෝ එජාපෙ හෝ පොහොට්ටුවේ හෝ දුෂිත දේශපාලකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමත් ගෝඨාභයට අලුත් දක්ෂ පිරිසක් ඕන. සිරිසේනගේ ගෝල බාලයෝ වැඩක් නැහැ. මේ රටේ සියලුම පක්ෂවලට ගැති නොවූ සබුද්ධික සිංහල බහුතරය නිසයි ගෝඨා ජය ගත්තේ. නැතුව ඔය පක්ෂ වල ඉන්න අයගේ පම්පෝරි නිසා නෙවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල එකක් තව වැඩි කාලයක් තියෙන එකක් නැහැ. මහ මැතිවරණයේදී ආසන බෙදා ගන්නා හැටි බලන්නයි මම මේ නොඉවසිල්ලෙන් ඉන්නේ.
කාටත් මතක ඇති මෑත අතීතයේ දවසක ජවිපෙය සහ පොදු පෙරමුණ එක්ව ඡන්දය ඉල්ලුවා? ඒ සැරේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ 1,2,3 ස්ථාන ලැබුනේ ජවිපෙයට, යම් හෙයකින් ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයකින් එකම ලිස්ට් එකෙන් ඉල්ලුවොත් ඒ දේම මේ මහා ඡන්දයේදී වෙනවා. ශ්රීලනිපය අතුගෑවී යන්න පුළුවන්. එත් මොකද යූඇන්පීයට කෙලෙව්වාම ඇති කියලා හිතන මෝඩ පුද්ගලයන් ඉන්න එකේ මෙවන් දෙයක් නොවෙන්න බැරි කමක් නැහැ, .මහා පක්ෂයක් ත්‍රීවීල් පක්ෂයක් බවට පෙරලුනේ පුද්ගලයන් දෙන්නෙක්ගේ අධික බල තණ්හාව නිසායි,
ඔබට සභාපතිකම ලැබුනට වැඩක් නැහැ. කෙලින් තීරණ ගන්න බැරි නිසා විශ්‍රාම යන්න. අතට ලැබුන දේ කටට දාගන්න බැරි කෙනෙක්. අලුත් බුද්ධිමත් තරුණයෙකුට ඔය තනතුර දෙන්න. මම කවදත් එක්සත් ජාතික පක්ෂයට කැමතියි දිනුවත් පැරදුනත්...නමුත් අනෙක් පක්ෂ වලටත් ගරු කරනවා. හිතට දුක පක්ෂ නායකයින් මි හරක් වගේ වැඩ කරන කොටයි. බලන්න අනුර කුමාර නොබියව ඉදිරියට යනවා , කතා කරන ලස්සන බලන්න , මහා පක්ෂ දෙක බලන්න , ඉන්න රෑනට තීරණයක් ගන්න බැහැ. වෙව්ලනවා. පක්ෂ කඩාගෙන ,ඇනුම්පද කියාගෙන. සත්තු වගේ ඉන්නේ. මහ පක්ෂ දෙක දන්නවා පරදින්න හේතුව. තරුණ නායකයින්ට තැන දෙන්න ඔබ පිටුපසින් ඉන්න. අවංකව, නොබියව ඉදිරියට යන්න අත දෙන්න. දැන් නැවත පක්ෂය එන්නේ නැහැ කියල හිතන්න එපා. අනිවාර්යෙන් දිනනවා. පොහොට්ටුවේ ඉන්න නායක දෙන්නට කප්පරක් නඩු . ඔබලාට එහෙම නැහැ. අනිවාර්යෙන් දිනනවා. තරුණ අයට පක්ෂය භාරදෙන්න.
ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීටලු නැතුව වෙන කාට දෙන්නද?