
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් රන්න නගරයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඔය කණ්ඩායමත් එක්ක ජන සහභාගීත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ, ඒ නිසා ඒක ගව සහභාගීත්වයත් සමග ලෙස නිවැරදි විය යුතුයි.
බලපු කී දෙනෙක් එයි ද කියලා