
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලුතෙන් මිළදී ගත් එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය , මංගල ගුවන් ගමන , මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද පියාසර කළ බව ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය ඉකුත් 06/04 දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිපරේ හැදුවාද?
එහෙනම් සමහරු කියන්නේ පරණ එකක් කියලා...
ඕක අළුත් ගුවන් යානාවක් නොවෙයි. වසර 14 ක්, ගුවන් සමාගම් දෙකක් පාවිච්චි කරලා, දෙවැනියට ඉන්දුනීසියාවේ "ගරුඩා " සමාගම පියාසර කරපු මෙම යානය අළුත් එකක් නොවේ. දෙවැනි වැරැද්ද : එය ශ්‍රී ලන්කන් එයා ලයින්ස් මිලට ගත්තේ නෑ... කුලී බදු පදනමක් යටතේ ගත් එකකි. මෙම යානය ප්‍රංශයේ එයා බස් ගූවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට ශ්‍රී ලංකාවට "ගෙනාවා" යන්නෙන් පාඨකයින් හිතන්නේ එය අළුත්ම අළුත්, උණු උණුවේ කම්හලෙන් පිටවූ එකක් කියලයි. වසර 14 ක් පැරැණි මෙම යානය යලිත් වරක් කම්හලට ගැනීමට හේතුව කුමක්ද? සමහර විට එය පාවිච්චියෙන් ඉවත් කරන යානා ගාල් කරන ස්ථානයකින් රැගෙන, ශ්‍රී ලංකාවට ගෙනාවා වෙන්න බැරි කමකුත් නෑ...
පරණ වාහන ළඟ දුවන එක කෝකටත් හොඳයි.
මිලදී ගත් අලුත්ම ගුවන් යානයද? මෑතකදී බදුගත් යානයද?
ප්‍රංශයේ එයා බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කොළඹට මෙම යානය "ගෙනවා " කිව්වාම, මම හිතුවේ ඒක බ්‍රෑන්ඩ් නිව් යන්තරයක් කියලයි... කොහොම වුනත් මම ළඟදී ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ ගමනට මෙම යානය ලැබී, සුවපහසු, ආරක්ෂාකාරීව එහි ගොස් ආපසු ප්‍රංශයට පැමිනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි..!
බයිලොජික් වලට අනුව කල්බදු පහසුකම් යටතේ මිලට ගන්නා දේවල් වත්කම් ලෙස ගණන් නොගනී. රටේ වත්කමක් ලෙස එකතු වෙන දේවල් ජාතික ජන බලවේගයේ දේපළ ලෙස දැක කිපෙයි. රටේ ජයග්‍රහණයන් අනුර කුමාර ඇතුළු මාලිමා රජයේ ජයග්‍රාහි පියවර ලෙස දැක පරල වී දොඩවයි. කොටින්ම රාජපක්ෂලා හපයක් කළ ශ්‍රී ලන්කන් එකේ ඉතා කුඩා ලාභයක් හෝ බලා සිටීමට නොහැකි තරම් අධික ඊරිසියාවකින් පෙළෙයි.
මේකේ එකාලට පුදුම අමාරුවක් තියෙන්නේ, බල්ලෝ ගේන්න ප්ලේන් යැවුවත් කමක් නෑ... හැබැයි අලුත් හරි, පාවිච්චි කරපු හරි එකක් රටට එකතු වෙද්දී ඇහේ කටු ඇනෙනවා ... පුදුම මුස්පේන්තු හැත්තක් නේ මේ...