
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අලුතෙන් මිළදී ගත් එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය , මංගල ගුවන් ගමන , මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද පියාසර කළ බව ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය ඉකුත් 06/04 දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රීලන්කන් අලුත් සාමාජිකය මංගල ගමනේ
m.dhammasiri Saturday, 21 June 2025 09:18 PM
වයිපරේ හැදුවාද?
ජයරත්න Saturday, 21 June 2025 09:39 PM
එහෙනම් සමහරු කියන්නේ පරණ එකක් කියලා...
Nandalal de Silva - France Sunday, 22 June 2025 02:47 AM
ඕක අළුත් ගුවන් යානාවක් නොවෙයි. වසර 14 ක්, ගුවන් සමාගම් දෙකක් පාවිච්චි කරලා, දෙවැනියට ඉන්දුනීසියාවේ "ගරුඩා " සමාගම පියාසර කරපු මෙම යානය අළුත් එකක් නොවේ. දෙවැනි වැරැද්ද : එය ශ්‍රී ලන්කන් එයා ලයින්ස් මිලට ගත්තේ නෑ... කුලී බදු පදනමක් යටතේ ගත් එකකි. මෙම යානය ප්‍රංශයේ එයා බස් ගූවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට ශ්‍රී ලංකාවට "ගෙනාවා" යන්නෙන් පාඨකයින් හිතන්නේ එය අළුත්ම අළුත්, උණු උණුවේ කම්හලෙන් පිටවූ එකක් කියලයි. වසර 14 ක් පැරැණි මෙම යානය යලිත් වරක් කම්හලට ගැනීමට හේතුව කුමක්ද? සමහර විට එය පාවිච්චියෙන් ඉවත් කරන යානා ගාල් කරන ස්ථානයකින් රැගෙන, ශ්‍රී ලංකාවට ගෙනාවා වෙන්න බැරි කමකුත් නෑ...
යෝගා Sunday, 22 June 2025 09:53 AM
පරණ වාහන ළඟ දුවන එක කෝකටත් හොඳයි.
Lalla Sunday, 22 June 2025 03:19 PM
මිලදී ගත් අලුත්ම ගුවන් යානයද? මෑතකදී බදුගත් යානයද?
Nandalal de Silva - France Sunday, 22 June 2025 05:36 PM
ප්‍රංශයේ එයා බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කොළඹට මෙම යානය "ගෙනවා " කිව්වාම, මම හිතුවේ ඒක බ්‍රෑන්ඩ් නිව් යන්තරයක් කියලයි... කොහොම වුනත් මම ළඟදී ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ ගමනට මෙම යානය ලැබී, සුවපහසු, ආරක්ෂාකාරීව එහි ගොස් ආපසු ප්‍රංශයට පැමිනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි..!
Ruwan Sunday, 22 June 2025 05:37 PM
බයිලොජික් වලට අනුව කල්බදු පහසුකම් යටතේ මිලට ගන්නා දේවල් වත්කම් ලෙස ගණන් නොගනී. රටේ වත්කමක් ලෙස එකතු වෙන දේවල් ජාතික ජන බලවේගයේ දේපළ ලෙස දැක කිපෙයි. රටේ ජයග්‍රහණයන් අනුර කුමාර ඇතුළු මාලිමා රජයේ ජයග්‍රාහි පියවර ලෙස දැක පරල වී දොඩවයි. කොටින්ම රාජපක්ෂලා හපයක් කළ ශ්‍රී ලන්කන් එකේ ඉතා කුඩා ලාභයක් හෝ බලා සිටීමට නොහැකි තරම් අධික ඊරිසියාවකින් පෙළෙයි.
Duminda Jayanath Udayakumara Monday, 23 June 2025 04:20 AM
මේකේ එකාලට පුදුම අමාරුවක් තියෙන්නේ, බල්ලෝ ගේන්න ප්ලේන් යැවුවත් කමක් නෑ... හැබැයි අලුත් හරි, පාවිච්චි කරපු හරි එකක් රටට එකතු වෙද්දී ඇහේ කටු ඇනෙනවා ... පුදුම මුස්පේන්තු හැත්තක් නේ මේ...