IMG-LOGO

ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරති

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ.

යම් හදිසි තත්වයක් නිසා කමිටුව හමුවේ ඊයේ දිනයේ පෙනී සිටිය නොහැකි බව පවසා ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීහු කෝප් කමිටුවෙන් ඉල්ලීමක් කළහ.

මේ අනුව කෝප් කමිටුව හමුවේ ලබන 25 වැනිදා සඳුදා පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් යානා තවත් විසි එකක් මිලදී ගැනීමට තීරණය කර ඇතැයි පළවූ වාර්තා පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ මෙසේ කැඳවනු ලැබ සිටියහ.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඒ කාරණය සම්බන්ධයෙන් තමා විගණකාධිපතිවරයා සමගද සාකච්ඡා කළ බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට පාඩු ලබන ප්‍රධාන ආයතන අතර අංක එකට පවතින්නකි.

 



අදහස් (0)

ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 257 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site