
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිගයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (21) සවස රැගෙන විත් තිබේ .
4 ආර් - ඒ බී එස් (4 R - ABS) යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් කටුනායක සිට මාළදිවයින බලා ප්‍රථම මංගල ගුවන් ගමන එළඹෙන 29වන දින පිටත්ව යාමට නියමිතය .
ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 138 ක් තිබේ .
මෙම නව ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය, ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිතය .
මෙම නව ගුවන් යානය මිළදී ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන විදියට පරණ ලඩියක් වගේ...
ඕකේ කොමිස් මුදල කීයද ඒක කාගේ සාක්කුවටද ගියේ කියලා පුළුවන් නම් නම් හොයලා කියන්න...
මේ ගනුදෙණුව ගැන ඉක්මණට හොයන්න... කොහොමද කළේ කියලා...? කැට තියා කියන්න පුළුවන්... සාගල හෝ වජිර ගනුදෙණුව පස්සේ ඉන්නවා...
මෙම ගුවන් යානය වී8... ආර්.බී.ඩබ්ලියු යටතේ රාජකීය බෲනායි ගුවන් සේවයේ තිබූ යානයකි. මෙහි වයස අවුරුදු අටක් පමණ වේ. මෙම ගුවන් යානය පළමු වරට භාවිතා කළේද මෙම බෲනායි ගුවන් සේවයයි...
ශ්‍රී ලංකන් ගුවන් සේවය මොනවා කළත් නැවත ගොඩගන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුව කිසි දැනුමක් නොමැති පාලන අධිකාරින්... (දේශපාලන හිතවත්කම නිසා ඉහල පුටුවල ඉන්න අය) මගීන් ගැන කිසි තැකීමක් නොමැතිකම... ප්‍රමාදයට අඩුම ගානේ හේතුම නොකීම සමාව නොඉල්ලීම... නුසුදුසු ගුවන් මැදිරි සේවක සේවිකාවන්. සමහර බොහෝ ප්‍රමාදයට හේතුව ප්‍රමාද වී එන මැති ඇමැති වරු මන්ත්‍රීවරු හෝ පළාත් සභා මන්ත්‍රී වරුන් එනතුරු යානය ප්‍රමාද කරමින් ඔවුන් එනතුරු බලා සිටීම නිසා මගීන් ඉතාමත් අපහසු බවට පත්වී ; කිසිදිනක ශ්‍රී ලංකන් සේවා ලබා නොගැනීම නිසා; . පමණට වඩා සේවකයින් සිටියත් ඔවුන් නිකන් සිට වැටුප ගැනීමත් එකක්...