
(යොහාන් භාසුර , බැංගලෝර් සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ඕවර 33.2 කදී ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 3.14 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 157 ක් රැස් කළ යුතුය.
ඇන්ජලෝ මැතිව්ස් තමන් කණ්ඩායමට කැඳවීම කොතරම් හොඳ තීරණයක් ද යන්න සනාථ කරමින් එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් මලන් දවාගනිමින් සාර්ථක ආරම්භයක් ගෙන දුන්නේය.
මැතිව්ස් ඉන් නොනැවතී මුයින් අලී සහ බෙන් ස්ටොක්ස් හයවැනි කඩුල්ලට ගොඩනගමින් සිටි සම්බන්ධතාව ලකුණු 37 කට සීමා කරමින් මුයින් අලී ලකුණු 15 කට පිටියෙන් ඉවත් කළේය.
ලහිරු කුමාර කලකට පසුව අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තේය.
එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156
(ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන ආකාරයට ඒකත් හබක් වෙන්නයි යන්නේ. බෝල 300 කින් ලකුණු 157 ගන්න බැරිනම් ක්‍රිකට් ගහන එකේ තේරුම මොකද්ද?