(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 43.3 ලකුණු 209 කට සීමා විය.
ඕස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.02 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 210 ක් රැස්කළ යුතුය.
නායකයො කුසල් මෙන්ඩිස් (9), සදීර සමරවික්‍රම (8) සහ ධනංජය ද සිල්වා (7) ඇතුළු ඉදිරිපෙළ සහ මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 209 කට සීමා වීමට සිදුවිය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට රැගෙන ආවද සෙසු පිතිකරුවෝ එම වාසිය රැක ගැනීමට අසමත් වූහ.
කුසල් පෙරේරා කලකට පසුව සාර්ථක වෙමින් පන්දු 82 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 78 ක් රැස් කළේය.
පැතුම් නිස්සංක පන්දු 67 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 61 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශ්‍රී ලංකා පිල ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 209
(පැතුම් නිස්සංක 61, කුසල් පෙරේරා 78, චරිත් අසලංක 25, මිචෙල් ස්ටාක් 43/2, පැට් කමින්ස් 32/2, ඇඩම් සම්පා 47/4)

2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව ලකුණු 209 කට දැවීයයි
Dharmatileke Monday, 16 October 2023 08:01 PM
11ක් ඉන්නවා... 3 දෙනෙක් ගහනවා... අනිත් අය ගිහින් ඉන්නවා.
Lalith Monday, 16 October 2023 09:37 PM
Srilanka ක්‍රිකට් රට වගේම තමයි , ආයේ නැගිටින්න අමාරුයි !