
(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවත් එය වළක්වා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කර ඇති මුලතිව් කුරුන්තුර් මලෙයි ප්‍රදේශයට ගොස් එම ස්ථානයේ තිබෙන බව කියන ශිවන් කෝවිල අසලදි පුදපුජා පවත්වා ආගමික වතාවත්වල නිරතවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
“මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්තරු මලෙයි ශිවන් කෝවිල සහිත ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් දැක බලා ගැනීමට අපි පැමිණියා. නමුත් අපට වගේම අපත් සමඟ මෙහි පැමිණි මාධ්‍යවේදීන්ට පවා පළමුව එම ස්ථානයට යාමට හමුදාව විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. පසුව චාල්ස් නිමලනාදන් මන්ත්‍රීවරයා, විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා හා සෘජුව දුරකථනයෙන් අමතා එම ස්ථානයට යාමට අවසර ලබා ගත්තා. අප සමඟ පුරාවිද්‍යා කැණීම් සිදුකරන නිලධාරියෙකුත් පැමිණියා.
එම ස්ථානයේ තිබුණු ආදිෂිවන් අයියනාර් කෝවිල ස්ථානයට අපි ගියා. එම ස්ථානයේ වන්දනාමාන කිරීමට තැන්පත් කර තිබුණු ත්‍රිශුල සියල්ල ගලවා විසකර දමා තිබුණා. මීට පෙර ජනතාව එම ස්ථානයේ පුදපුජා කළ බවට සලකුණු පමණක් එහි තිබුණා.එම ස්ථානයේ හින්දු පුජනීය ස්ථානයක් තිබු බවට පැවසිය හැකි තරම් නටබුන් තිබෙනවා. නමුත් එය සිංහල බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයක් බවට අපට එත්තු ගැන්වීමට අප සමඟ පැමිණි පුරාවිද්‍යා නිලධාරියා දැඩි උත්සහායක් ගනු ලැබුවා. දඹදෙණිය, යාපහුව හා දකුණේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන බෞද්ධ සලකුණු නටබුන් මෙම ස්ථානයෙන් දක්නට ලැබෙන බව ඔහු පැවසුවා.
එයට ප්‍රතිචාර වශයෙන් මම පැවසුවේ හලාවත මුන්නේෂ්වරම්, මාතර තොණ්ඩීෂ්වරම්, යාපනයේ නගුලේෂ්වරම් ,ත්‍රිකුණාමලයේ තිරුකේදීෂ්වරම් යන මෙම කෝවිල් විජය කුමාරයා ලංකාවට පැමිණීමටත් පෙර මෙරට කෝවිල් පැවති බවයි. රටේ විවිධ ස්ථාන වල නාග ගෝතිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි. මුරුකණ්ඩි වැනි ප්‍රදේශ වලත් එවාට අදාළ නටබුන් දැක ගත හැකියි. එබැවින් මෙම ප්‍රදේශ වසර 2000කටත් පෙර සිටම වන්නි රජවරුන් විසින් පාලනය කළ ප්‍රදේශයි. මෙම ප්‍රදේශවල ශිව දේවියන් වන්දනාමාන කළ නිර්මාශ හෙවත් ශෛව හින්දු බැතිමතුන් ජීවත් වී තිබෙනවා. අතීතයේ දෙමළ ජනතාව මේ රටේ ජීවත් වු බවට ඕනෑ තරම් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබෙනවා.
මේ සියලු කාරණා විනාශ කර මහාවංශ චින්තනයෙන් පමණක් වෙනස් කිරීමේ උත්සහායක ආණ්ඩුව නිතරව සිටිනවා. මෙම ක්‍රියාමාර්ග සංස්කෘතිමය වශයෙන් සිදු කරනු ලබන ජාතික සංහාරයක් බව අපගේ මතයයි. යුද්ධයෙන් සංහාරය කිරීමට ලක්වුණු ජාතියක් වර්තමානයේදි සංස්කෘතිකමය වශයෙන් සංහාරයට ලක්වෙමින් සිටිනවා.
මුලතිව් කුරුන්තුරූ මලෙයි ප්‍රදේශයේ තිබුණු විශාල ගස් මේවනවිට දක්නට ලැබෙන්නේ නැහැ. සියල්ල කපා දමලා. කුඩා ගස් විතරයි අද දක්නට පුළුවන් වෙන්නේ. මෙම විනාශයන් මේ රටේ සිංහල ආණ්ඩු විසින් සැලසුම් සහගතව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් පවතින දෙයක්. දෙමළ ජනතාවගේ සංස්කෘතිමය සංහාරය නවතා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම අප ගන්නා බව අවධාරණය කළ යුතුයි” යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් මහතා ඇතුළු උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලනඥයෝ කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා ලංකාවේ ඉස්කොල වල දෙමළ සහ සිංහල දෙකම උගන්වන දවස අනිවාර්ය කරයිද...?
අතීත සාක්ෂිවලට බොරු කරන්න බැහැ...
මේ තත්වය ඉතාම භයානකයි. මොකද ලංකාවේ ඉතිහාසය වළලා දැමීමේ අන්තවාදී ක්‍රියාකාරකම් දැන් වැඩිවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන්ගේ අවධානය ඉතා සක්‍රීය අන්දමින් ඉදිරියටත් නොලැබුණොත් සිංහල අතීත වංශ කතාව තවත් අවුරුදු කිහිපයකදී වැළලී යනවා ඒකාන්තයි. පාසල්වල ඉතිහාසය විෂයය අනිවාර්යයෙන් ඉදිරියටත් උගන්වන්න ඕනෑ. එවිට අපේ ඉතිහාසය අඩුම තරමේ අනාගත පරම්පරාවටවත් මතකයේ තිබේවි. සංහිඳියාව කියමින් අපේ අතීතය වලදාන කම් බලන් ඉන්නවාට වැඩිය ඒවා වෙනුවෙන් කතා කර මැරෙන එක අපේ අතීත විරුවන්ට කරන සාධාරණයක්...
ඔව්! ඊට කලින් හිතාගත්තොත් හොඳයි බෞද්ධ සංහාරයක් කිරීමටත් ඉඩ නොතබන බව.
හෑරුවොත් මතුවෙන්නේ බෞද්ධ නටබුන්... මේ අය ඒකට බයයි.
විදුර වික්‍රමනායක කියන්නේ ඉතින් එන්.ජී.ඕ. කාක්කෙක් තමයි. සල්ලි දෙනවා නම් ඕනේ වැඩක් කරනවා. ජාතිය, ආගම විතරක් නෙමේ අම්මා අප්පා වුණත් විකුණනවා.
මේ පුරාවස්තුවල කාල නිර්ණය එක්වරම පැවසීමට හැකි දෙයක් නොවෙයි. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් මේ රටේ සිහළ උරුමය වනසන්න මීටත් වඩා උප්පරවැට්ටි දැමූ බව කව්රුත් දන්නා රහසක්. පුරාවස්තු කාල නිර්ණය සඳහා ජාත්‍යන්තර පිළිගත් ආයතනයේ සත්‍ය නිර්දේශ ලබාගන්නා තෙක් කිසිවෙකු මත ප්රකාශකළයුතු නැහැ. ඒ ඒ අයගේ මතිමතාන්තර ඒ ඒ අයට වාසිවෙන ආකාරයටයි ඒ ඒ අය පවසන්නේ. එතකොට එහෙනම්, දකුණු ඉන්දියාවේ සිට පෙරකාලයේ පැමිණි ද්‍රවිඩ කල්ලතෝනින්ව සිරිමා බණ්ඩාරනායක විසින් ඉන්දියානු රජයේ කැමැත්ත උඩ ඒ රටට බාරදුන්නේ. මේ රට ද්‍රවිඩ නිජබිමක් වී තිබුණේ නම්, ඉන්දියාව ඊට එකඟවේද? රටේ අවාසනාවට ඒ වැඩපිළිවෙළ පසුව පැමිණි ආණ්ඩු විසින් වෙනස්කොට දැමීම නිසා අද එවන් අය කටමැත දොඩවනු පෙනේ. තමිල්නාඩුව හෙවත් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයින්ගෙන් මේ රටට පැමිණි අනේකවිධ උවදුරු කෙතරම්ද? ඒ විනාශයන් කළ ස්ථාන මත කෝවිල් පවත්වාගෙන ගියා වෙන්නට බැරිද? පොළොන්නරුවේ සෝමාවතියේ වැඩ හිඳින දළදා හිමියන් පෙර වැඩසිටි ස්ථානයේ අද පවතින්නේ හින්දු කෝවිලකි. ඒ බව ඉන්දියානු පුරාවිද්‍යාව සාක්ෂි සහිතව ඔප්පුකොට ඇත. මේත්, ඒවගේ දෙයක් වෙන්නට නොහැකිද?