IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීම

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

විදේශ මුදල් හුවමාරුව සඳහා චීනය සමඟ අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට අනුව, එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට මාස තුනක විදේශ සංචිත නොමැති වීම හේතුවෙන් ගනුදෙනුව අත්හිටුවා ඇතැයි පැවැසෙයි.විදේශ මුදල් හුවමාරුව මගින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා ගෙවීමට චීන යුවාන් මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.චීනය සහ ශ්‍රී ලංකාව මෙම විදේශ මුදල් හුවමාරුව සඳහා ගිවිසුම පසුගිය වසරේ අත්සන් කළේය.

විදේශ මුදල් හුවමාරුවෙන් චීන නිෂ්පාදන ආනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම වගන්තිය සංශෝධනය කිරීම චීනයට ප්‍රයෝජනවත් වන බව ද ශ්‍රී ලංකාව දැනුම් දී ඇතැයි පැවැසෙයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site