
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට සහාය දීමට ඇමෙරිකාව කැපවී සිටින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(22) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොතු වන බවද එහිදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය. එසේම දෙරට අතර ඇති ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ ගැඹුරු හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පැවති ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අනාගතය හැඩගස්වා ගැනීමට එහි පුරවැසියන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂි දරන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මහතාට සුභාශිංසන එක් කිරීමට අමතක නොකළාය.
ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳවද ස්තුතිවන්ත වන බවද එහිදී ඇය පැවැසුවාය. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දැඩි හවුල්කාරීත්වය ඉතාමත් අගය කොට ඇමෙරිකාව සලකන බවත් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව සුදානම් බවත් චන්ග් මහත්මිය සටහන තබමින් ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මෙයා කියන දේවල් අහලා විශ්වාස කරන්න ගියොත් ගෝඨාට වෙච්චි දේ වෙයි.. බලාගෙන...
බෝන් අගේන් ක්‍රිස්තියානි ආගමික අන්තවාදී ජුලී චුන්ග්, ඔය කරන උදව් අපි දන්නවා. ඔය කරන්නේ ආගම් පතුරවන එක විතරයි.. ඔබලාට ඕනෑ ලෝකේ ඔක්කෝම නුඹලාගේ සංස්කෘතියට හරවන්න. අපි දන්නවා ගෝඨාභය ජනාධිපතිට කරපු “උදව්”…
අපේ රටට සහය පල කිරීම පිළිබඳව ස්තුතියි.
දැනට දීලා තියෙන සහයෝගේ මදැයි... පුළුවන් තරම් රටවල්වල ප්‍රශ්න ඇති කරලා, තමන් අකැමැති ආණ්ඩු පෙරලලා, ලෝකෙට හිසරදයක් වෙලා තියෙන රටක්...
මම ඒත් බැලුවා පරක්කු ඇයි කියලා... මේ අයනේ සෙවනැල්ල වගේ පිටිපස්සෙන් ඉඳලා සල්ලි වියදම් කළේ...
ඉතින් ඔයානේ තිරය පිටිපස්සේ ඉඳන් විශාල කාර්යභාරයක් කලේ.