IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි

(විමුක්ති එස් රුද්‍රිගු)


ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට සහාය දීමට ඇමෙරිකාව කැපවී සිටින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(22) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

දෙරට අතර ඇති ද්වී පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොතු වන බවද එහිදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය. එසේම දෙරට අතර ඇති ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ ගැඹුරු හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පැවති ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අනාගතය හැඩගස්වා ගැනීමට එහි පුරවැසියන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂි දරන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මහතාට සුභාශිංසන එක් කිරීමට අමතක නොකළාය.

ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳවද ස්තුතිවන්ත වන බවද එහිදී ඇය පැවැසුවාය. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දැඩි හවුල්කාරීත්වය ඉතාමත් අගය කොට ඇමෙරිකාව සලකන බවත් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව සුදානම් බවත් චන්ග් මහත්මිය සටහන තබමින් ප්‍රකාශ කළාය.



අදහස් (7)

ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි

ran Monday, 23 September 2024 01:15 PM

ඔන්න මෙයා කියන දේවල් අහලා විශ්වාස කරන්න ගියොත් ගෝඨාට වෙච්චි දේ වෙයි.. බලාගෙන...

:       12       22

amaMonday, 23 September 2024 04:28 PM

එතකොට ගෝඨාභයගේ නෑයෝ හිටියේ ඇමරිකාවේ... ඒ අයට මොලේ තිබ්බේ නැද්ද?

:       0       7

Samantha R Monday, 23 September 2024 02:12 PM

බෝන් අගේන් ක්‍රිස්තියානි ආගමික අන්තවාදී ජුලී චුන්ග්, ඔය කරන උදව් අපි දන්නවා. ඔය කරන්නේ ආගම් පතුරවන එක විතරයි.. ඔබලාට ඕනෑ ලෝකේ ඔක්කෝම නුඹලාගේ සංස්කෘතියට හරවන්න. අපි දන්නවා ගෝඨාභය ජනාධිපතිට කරපු “උදව්”…

:       7       19

kapila Monday, 23 September 2024 03:02 PM

අපේ රටට සහය පල කිරීම පිළිබඳව ස්තුතියි.

:       10       12

මලින් Monday, 23 September 2024 03:19 PM

දැනට දීලා තියෙන සහයෝගේ මදැයි... පුළුවන් තරම් රටවල්වල ප්‍රශ්න ඇති කරලා, තමන් අකැමැති ආණ්ඩු පෙරලලා, ලෝකෙට හිසරදයක් වෙලා තියෙන රටක්...

:       3       18

Emad Monday, 23 September 2024 03:52 PM

මම ඒත් බැලුවා පරක්කු ඇයි කියලා... මේ අයනේ සෙවනැල්ල වගේ පිටිපස්සෙන් ඉඳලා සල්ලි වියදම් කළේ...

:       9       14

Nishan Monday, 23 September 2024 11:57 PM

ඉතින් ඔයානේ තිරය පිටිපස්සේ ඉඳන් විශාල කාර්යභාරයක් කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site