
(යොහාන් භාසුර)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන විශේෂ හමුවක් අද (26) පැවැත්විණි.
ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීම, ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඉතාලි රජය අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන හරහා ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරමින් කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද තානාපතිවරයාව දැනුවත් කළ බවත් එම අමාත්‍යංශය කීය.
ඉතාලිය තුල රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන නොමැතිකම පැහැදිලි කළ තානාපතිවරයා එම තත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ෂෝක්. අපේ බාප්පා කළා වගේ ඉතාලි ගිහින් ටික දවසක් ඉඳලා එංගලන්තයට පැනගන්න පුළුවන්. එහිදී බත්කඩයක් දාගෙන සැප ජීවිතයක් ගතකරන්නත් පුළුවන්. වැඩිය මැරෙන්න ඕනෑ නැහැ...!
ඉතාමත් වටිනා වැඩක් අපිටත් අවස්ථාවක් ලැබුණොත්...!
අපිට රියදුරු බලපත්‍රය ඉතාලියේ එකට මාරුකරගන්න ආපසු ගිවිසුම අලුත් කරන්න. බොහෝම ස්තූතියි..!