IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකන් වෙතින් රුසියානු සංචාරකයන්ට …buy one and get one free විශේෂ දීමනාවක්

මෙම ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාකරන රුසියානුවන් සඳහා ‘‘buy one and get one free”‍ විශේෂ දීමනාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ. මෙම දීමනාව 2021 ඔක්තෝබර් මස 31 දක්වා වලංගු බව ශ්‍රී ලංකන් සඳහන් කරයි.

සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය ස්ථාන රාශියක් ගවේෂණය කිරීමට මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසෙයි. වට්ටම් සහිත ගුවන් ටිකට් පත් සහ ශ්‍රී ලංකාවේ සංචාරක හවුල්කරුවන් විසින් පිරිනමන විශේෂ දීමනා ලබාගනිමින් සිය නිවාඩු ගතකිරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමට රුසියානු සංචාරකයන්ට අවස්ථාව ඇත.

රුසියානු නිවාඩු ගත කරන්නන් අතර ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මොස්කව්හි දී මෙම නිවේදනය නිකුත් කරන ලදී. මෙම තීරණය ගනු ලැබුවේ මොස්කව්හි දී දේශීය සංචාරක හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසුවය.

 



අදහස් (4)

ශ්‍රී ලංකන් වෙතින් රුසියානු සංචාරකයන්ට …buy one and get one free විශේෂ දීමනාවක්

de silva Friday, 13 August 2021 07:55 PM

මෙවැනි දේවල් රුසියානු සංචාරකයින්ට පමණක් දෙන්නේ කුමටද? අපේ රටට වැඩි ආදායම් ලබාදුන් යූරි-ආයේ සංචාරකයන් අමතක කරන්නේ මොකද? 

:       0       0

බද්රානි Friday, 13 August 2021 09:06 PM

මෝඩ, හිඟන ලාංකික ජනතාවගේ බදු මුදලින් පාඩුව පියවා ගන්න සිරි ලන්කන් ගුවන් සේවය සහන ලබාදෙන්නේ රුසියන් කාරයින්ට... ඇත්තටම නින්දිත, අවාසනාවන්ත ජාතියක්. කඹුරාපල්ලා දිවි ඇති තුරා රටේ අමන පාලකයින්ට. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බංකොලොත් වේවා!!

:       0       20

gagana Sunday, 15 August 2021 10:17 PM

හැබැයි කෑම එක දෙන්න බෙදාගෙන කන්න ඕනේ

:       0       4

fairoos Tuesday, 17 August 2021 07:51 PM

උදයංගට කොමිෂන් එක කීයද? සර්ගේ අතකොලුවෙක්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site