මෙම ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාකරන රුසියානුවන් සඳහා ‘‘buy one and get one free” විශේෂ දීමනාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ. මෙම දීමනාව 2021 ඔක්තෝබර් මස 31 දක්වා වලංගු බව ශ්‍රී ලංකන් සඳහන් කරයි.
සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය ස්ථාන රාශියක් ගවේෂණය කිරීමට මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසෙයි. වට්ටම් සහිත ගුවන් ටිකට් පත් සහ ශ්‍රී ලංකාවේ සංචාරක හවුල්කරුවන් විසින් පිරිනමන විශේෂ දීමනා ලබාගනිමින් සිය නිවාඩු ගතකිරීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමට රුසියානු සංචාරකයන්ට අවස්ථාව ඇත.
රුසියානු නිවාඩු ගත කරන්නන් අතර ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මොස්කව්හි දී මෙම නිවේදනය නිකුත් කරන ලදී. මෙම තීරණය ගනු ලැබුවේ මොස්කව්හි දී දේශීය සංචාරක හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් රුසියානු සංචාරකයින්ට පමණක් දෙන්නේ කුමටද? අපේ රටට වැඩි ආදායම් ලබාදුන් යූරි-ආයේ සංචාරකයන් අමතක කරන්නේ මොකද?
මෝඩ, හිඟන ලාංකික ජනතාවගේ බදු මුදලින් පාඩුව පියවා ගන්න සිරි ලන්කන් ගුවන් සේවය සහන ලබාදෙන්නේ රුසියන් කාරයින්ට... ඇත්තටම නින්දිත, අවාසනාවන්ත ජාතියක්. කඹුරාපල්ලා දිවි ඇති තුරා රටේ අමන පාලකයින්ට. ශ්‍රී ලන්කන් ගුවන් සේවාව බංකොලොත් වේවා!!
හැබැයි කෑම එක දෙන්න බෙදාගෙන කන්න ඕනේ
උදයංගට කොමිෂන් එක කීයද? සර්ගේ අතකොලුවෙක්නේ...