(යොහාන් භාසුර)
සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල නවසීලන්ත පිල එක්දින තරගයකදී පරාජය කළ පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කිරීමට සමත් වූවාය. මෙය චමරිගේ හත්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වන අතර ඇය මෙම තරගයේදී එක්දින ලකුණු 3,000 ද සම්පූර්ණ කළාය.
යොවුන් ආරම්භක පිතිකාරී විශ්මි ගුණරත්න පන්දු 74 කින් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළාය.
වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 28 කට සීමාවිය.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 28 කදී කඩුලු 5 ට 170 (සුසී බාටිස් 28, අමීලියා කීර් 40, මඩියි ග්‍රීන් 38) ශ්‍රී ලකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 27 කදී කඩුලු 1 ට 172 (චමරි අතපත්තු නොදැවී 108, විශ්මි ගුණරත්න 50)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඵෙතිහාසික ජයක් ලබති
de silva Tuesday, 27 June 2023 07:52 PM
උණුසුම් සුභ පැතුම්
සුරන්ග සම්පත් Tuesday, 27 June 2023 09:07 PM
ඔහොම යන් අපේ සින්හ කොල්ලො වගේම කෙල්ලොත් ඉදිරියට යනවා දන්නම් ට්‍රිකට් බලන්න ආසයි
sanath Wednesday, 28 June 2023 11:40 AM
කොල්ලන්ට වඩා කෙල්ලෝ හොඳයි කෙල්ලෝ වාසනාවන්තයි....