IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට උප නායකයෝ දෙපළක්

(යොහාන් භාසුර)

ඉන්දියාවේදී ලබන ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තරග සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ විස්සයි 20 පිලේ උප නායකයා ලෙස වනිඳු හසරංග නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඉදිරි පෙළ පිතිකරු චරිත් අසලංක මීට පෙර මෙම කණ්ඩායම් දෙකේම උප නායකයා ලෙස කටයුතු කළේය.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක තව දුරටත් මෙම කණ්ඩායම් දෙකේම නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිත:

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (එක්දින කණ්ඩායම - උප නායක), වනිඳු හසරංග (විස්සයි20 - උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, භානුක රාජපක්‍ෂ (විස්සයි20), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (එක්දින), චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු (එක්දින), දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර සහ නුවන් තුෂාර (විස්සයි20)



අදහස් (2)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට උප නායකයෝ දෙපළක්

siri Wednesday, 28 December 2022 08:40 PM

සියල්ල බලාගනී. කිසිදේකට බයවෙන්න කාරියක් නැහැ. ඉන්දියාවේ අයට පිහිට ඉල්ලන්න දෙවිවරු විශාල ප්‍රමාණයක් ඉන්න එක තමා පොඩි අවුලකට තියෙන්නේ. අර තිස් තුන් කෝටියක් අදහන කෙනෙක් අපේ කණ්ඩායමට රිංගවා ගත්තා නම් පොඩි සප් එකක්වත් ගන්න තිබුණා. කොහෙද ඉතින්..?.

:       1       1

අමල් Thursday, 29 December 2022 04:31 AM

චරිත් අසලංක බෞධ්ද වී, කුසල් මෙන්ඩිස් බෝර්න් එගෙන් වීම, උපනායක කමට නුසුදුසු වීමට හා සුදුසු වීමට හේතුවේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site